හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු 14 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව අද (24) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරනයේ දී කැඳවනු ලැබිය.

ඒ, 2008 සහ 2009 යන වසරවලදී කොළඹ හා ඒ අවට ප්‍රදේශවල පුද්ගලයන් 11 දෙනෙකු පැහැර ගෙන ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවක් සම්බන්ධයෙනි.

එහිදී හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අද දින ද අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහුට අධිකරණයේ පෙනී සිටීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල යළි නොතීසි නිකුත් කළේය.

කරන්නාගොඩට සිව්වන සිතාසියත් නිකුත් කරයි:

චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම සිතාසි නිකුත් කිරීම සිදු කරනු ලැබිය.

එම සිතාසි ඔහුගේ පදිංචි ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා මාර්ගයෙන් යොමු කරන ලෙසට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වැඩිදුරටත් දැනීම් දී සිටියේය.

14 වන විත්තිකරු වන කරන්නාගොඩට සිතාසි භාර දීමට නොහැකි වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දුන් අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අවධාරණය කර සිටියේ, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලැජ්ජා විය යුතු බව න ලදි.

 මෙම නඩුව යළි මාර්තු මස 20 වැනිදා කැදවීමට දින නියම කරන ලදි.   

නඩුවට අදාළ විමර්ශනවල මුල් ලේඛන !

මේ අතර මෙම නඩුවට අදාළ විමර්ශනවල මුල් ලේඛන ජනාධිපති කොමිෂන් සභාව වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර දී ඇති බවට නීතිපතිවරයා අද (24) අධිකරණයට දැනුම් දුන්නා. 

එම ලේඛන නැවත ලබා ගැනීමට කටයුතු කරන ලෙසට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලදි.  

නාවික හමුදාවේ නිළධාරීන් වන D.K.P. දසනායක, සම්පත් මුණසිංහ , සුමිත් රණසිංහ, ඩිලන්ක සේනාරත්න, නලින් ප්‍රසන්න වික්‍රමසූරිය, ඇන්ටන් ප්‍රනාන්දු, රාජපක්ෂ පතිරනලගේ කිත්සිරි, අරුණ තුෂාර මෙන්ඩිස්, කත්‍රිආරච්චිගෙ ගාමිණී, චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත්, උපුල් චමින්ද, නන්දප්‍රිය හෙට්ටිහැන්දි සහ සම්පත් ජනක පෙරේරා යන අය අද අධිකරණයේ පෙනී සිටියේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්