විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අද (26) පෙරවරු 10.00ට පාර්ලිමේන්තුවේ දී මාධ්‍ය හමුවක් කැඳවා ඇති අතර එහිදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව විපක්ෂනායක කාර්යාල ආරංචිමාර්ග පවසයි.

මේ අතර සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු 'සමගි ජන බලවේගය' යටතේ ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියළු නායකයින් එකඟත්වය පළකර ඇති අතර ඒ අනුව, එලඹෙන මාර්තු 02 දා එම සියලු පක්ෂ සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින් නව සන්ධානයේ කටයුතු ආරම්භ කරනු ලබන බව හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු පැවසිය.

එක්සත් ජාතික පෙරමුණට පරිබාහිර දේශපාලන පක්ෂ කිහිපයක් හා බහුජන සංවිධාන විශාල සංඛ්‍යාවක් ද රටේ නමක් දිනා සිටින සමාජ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු තනි තනිවම ද සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ නව සන්ධානයට එකතු වීමට  මේ වනවිට සිය කැමැත්ත පලකොට තිබෙන හරින් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සන්ධානයේ නාමයෝජනා සඳහා ඉල්ලුම්පත්‍ර හෙට (27) සිට කැඳවීමට නියමිතය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්