එල්ටීටීඊ සංවිධානය යුධමය වශයෙන් පරාජය කළ නමුත් දෙමළ දේශපාලනඥයින් කිහිප දෙනෙකු තවමත් එහි මතවාදය ප්‍රචාරය කරමින් සිටින බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පවසයි.

මීට වසර 10 කට පෙර ශ්‍රී ලංකා හමුදාව එල්ටීටීඊ සංවිධානය හමුදාමය වශයෙන් මුළුමනින්ම පරාජය කළද, සමහර දෙමළ දේශපාලනඥයින් විසින් බෙදුම්වාදී මතවාදයන් දෙමළ ජනතාවගේ මනසට කාවැද්දීමට උත්සාහ කරමින් සිටින බවත්,  එම බෙදුම්වාදී මතවාදයන් පරාජය කිරීමේ අභියෝගය තවමත් පවතින බවත් ඔහු ප්‍රකාශ ප්‍රකාශ කර ඇත්තේ, පෙබරවාරි 25වන දින ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී සැම්බියානු යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ඩබ්ලිව්.එම්. සිකාස්වේ (Lt. Gen. W.M Sikazwe) හමුවූ අවස්ථාවේදී ය.

zambian 03                                                                        ආරක්ෂක ලේකම්වරයා සිම්බාබ්වේහි හමුදාපති හමු වූ අවස්ථාව

බලය බෙදා හැරීම සඳහා මෙරට දෙමළ දේශපාලනඥායින් කරන ඉල්ලීම බෙදුම්වාදයක් ලෙස මේ අවස්ථාවෙහි දී අවධාරණය කර ඇති කමල් ගුණරත්න, සැම්බියානු යුද්ධ හමුදාධිපතිවරයාට පවසා ඇත්තේ “එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් පීඩාවට පත් අහිංසක දෙමළ ජනතාවට වෙනම රටක් අවශ්‍ය නැහැ. නමුත් සමහර දෙමළ දේශපාලනඥයින්ට බලය බෙදා හැරීමට අවශ්‍යය” යනුවෙන් අවධාරණය කරමිනි.

මේ බව ප්‍රකාශයට පත් කර ඇත්තේ ද ආරක්ෂක අමාත්‍යාංශය ම විසිනි. 

මෙරට නිල නොලත් ආරක්ෂක ඇමැතිවරයා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද බලය බෙදීමට විරුද්ධ ය.

උතුරේ අවසන් මෙහෙයුමේදී මෙරට පැවති 'ත්‍රස්තවාදය' අවසන් කිරීම සඳහා භාවිතා කළ විශේෂ හමුදා උපක්‍රම පිළිබදව සඳහන් කරමින් ආරක්ෂක ලේකම්වරයා පවසා ඇත්තේ, එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සම්ප්‍රදායෙන් බැහැර වූ යුද උපක්‍රම භාවිතා කල බවත් එබැවින් ශ්‍රී ලංකා හමුදාවන්ටද තමන්ගේම නව්‍යකරණයවූ යුද උපක්‍රම නිර්මාණය කර ගැනීමට සිදු වූ බවත්ය.

එමඟින් 2009 වර්ෂය මැදභාගයේ එල්ටීටීඊ මතවාදය දක්වා පමණක් අඩු කරනු ලද බවත් ඔහු තව දුරටත් පවසා තිබේ.

(උපුටා ගැනීම් : srilankabrief.org)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්