කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයින් දෙදෙනක් අංගොඩ පිහිටි IDH රෝහලට ඇතුලත් කර ඇත. 


ශ්‍රී ජයවර්ධනපුර සහ රාගම ශික්ෂණ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස අයි.ඩී.එච් උණ රෝහල වෙත මාරු කර එවා ඇති බව වාර්තාවේ.

 IDH රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක සඳහන් කලේ මෙම පුද්ගලයින් දෙදෙනා ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.

එම පුද්ගලයින් දෙදෙනාගේ රුධිර සහ ඛේට සාම්පල මේ වන විට වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර ඇති අතර ඒවායේ වෛද්‍ය වාර්තා හෙට දිනයේදි ලැබීමට නියමිත බව වෛද්‍ය හසිත අත්තනායක පැවසිය.

මෙම පුද්ගලයින් දෙදෙනාට උණ සහ කැස්ස රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් !


මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, ලෝකය තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහලම මට්ටමකට පැමිණ ඇති බවයි. 

මේ හේතුවෙන් ලෝකයේ රටවල් දැඩි අවදානමක පවතින බවඑම සංවිධානය කියා සිටියි.

කෙසේවෙතත් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා තවදුරටත් හැකියාව පවතින බව එම සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කර ඇත. 

මේ වන විට ලෝකයේ රටවල් 50ක නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇති බව සඳහන්වේ.

නිශ්චිත තොරතුරු අනාවරණය නොකිරිම ද කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරිමට බාධාවක් වී ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. 

මේ වන විට ලොවපුරා නව කොරෝනා වෛරස ආසාදිතයින් 84,611 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් මියගිය සංඛ්‍යාව 2923 දෙනෙකු දක්වා ඉහල ගොස් ඇත.



ඉරානයේ තත්වය බරපතලයි :පාර්ලිමේන්තුව දින නියමයක් නොමැතිව වසා දමයි

0cfffd1d85314d309e388b594944bef3 18ඉරානය තුළ නව කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 210 දෙනෙකු මියගිය බවට එරට වාර්තා ප්‍රකාශ කළ ද සැබෑ ලෙසම ඉරානය තුළ මෙම වෛරසයෙන් මියගිය සංඛ්‍යාව හය ගුණයකින් ඉහල අගයක් වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඉරානය තුල නව කොරෝනා වෛරසය සීඝ්‍ර ලෙස පැතිරි යාම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු ඉරාන පාර්ලිමේන්තුව වසා දැමීමට තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටින්නේ ඉරාන පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්ත්‍රිවරුන් සහ ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරීන් රැසකට ද නව කොරෝනා වෛරසය වැලදී ඇති බවයි.

මාර්තු 20 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු අයවැය ඉදිරිපත් නොකොට ඒ වෙනුවෙන් රජයේ වියදම් සඳහා හදිසි අරමුදලක් පමණක් සම්මත කර ගැනීමට තීරණය කර ඇති බව ද වාර්තා වේ.

මේ අතර ඉරානයට අවශ්‍ය වෛද්‍ය ආධාර සහ උපකාර ලබාදීමට සුදානම් බව ඇමරිකානු රජය නිල වශයෙන් ප්‍රකාශ කට තිබේ.

දිනෙන් දින ඉහළ යන වෛරසයේ බලපෑමෙන් ඉරානය ගලවා ගැනීම සඳහා අමෙරිකාව මෙම යෝජනාව සිදුකලත් ඉරාන රජය එය පිලිගනිවිද යන්න සම්බන්ධයෙන් තහවුරු කළ නොහැකි බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ. 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්