රනිල් පාර්ශවයේ කිසිවකුට කිසිඳු ආකාරයකින් අසාධාරණයක් නොවීමට වගබලා ගන්නා බවට සහතික වී ඇති 'සමගී ජන බලවේගයේ' (SJB) නායක සජිත් ප්‍රේමදාස, ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරඟ

කිරීමට රනිල් පාර්ශ්වයේ සියලු දෙනාට ම නාමයෝජනා ලබාදීමට ද එකඟතාවය පළකර ඇතැයි ද 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

එසේම, 'සමගි ජන බලවේගයේ' දේශපාලන මණ්ඩලය තුල ද රනිල් වික්‍රමසිංහගේ නියෝජිතයින්ට වැඩි ඉඩකඩක් ලබාදීමට සජිත් ප්‍රේමදාස එකඟත්වය පළකර ඇතැයි ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

එජාපයෙන් නොයන බවටත් පොරොන්දුවක් !


මේ අතර සති අන්ත 'අනිද්දා' ජාතික පුවත්පත සිය ප්‍රධාන සිරස්තලයෙන් යුතුව වාර්තා කර ඇත්තේ, කිසිඳු ලෙසකින් එජාපයෙන් ඉවත් නොවන බවට සජිත් ප්‍රේමදාස එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පොරොන්දු වී ඇති බවයි. 

එජාපයෙන් ඉවත් නොවන බවත්, රනිල් වික්‍රමසිංහ සමග එකඟතාවයක් ඇතිකර ගෙන මහ මැතිවරණයට ඉදිරිපත් වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තමන්ට පොරොන්දු වී ඇතැයි එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම 'අනිද්දා' පුවත්පතට පවසා ඇත. 

සජිත් පාර්ශවයේ මන්ත්‍රීවරයකු 'අනිද්දා' පුවත්පතට පවසා ඇත්තේ, 'සමගි ජන බලවේගය' යටතේ හංසයා හෝ අලියා මහ මැතිවරණයට ඉදිපත්වීමේ අර්බුදයක් මතු වුවහොත් රනිල් පාර්ශවය සමග මධ්‍යස්ථ එකඟතාවයකට ඒමට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සුදානමින් සිටින බවයි.

දෙකින් එකක් අදින් අවසන් !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නායකත්වය දරන 'සමගි ජන බලවේගයේ' ලකුණ සම්බන්ධයෙන් අද (01) රාත්‍රී පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්ඡාවේදී අවසන් තීරණයක් ගනු ඇති බවත්, ‌බොහෝදුරට එය 'දුරකතනය' වනු ඇති බවත් එජාප ආරංචි මාර්ග සදහන් කරයි.

'දුරකතනය' ලකුණින් මහමැතිවරණයට තරග වැදීමට ‌බොහෝ ‌‌දෙනාගේ එකගතාව පළවී ඇති බව දැනගන්නට තිබේ.

වික්‍රමසිංහ පාර්ශවයේ හා සජිත් පාර්ශ්වයේ බහුතරය නිශ්චිත වශයෙන්ම ‌මෙම මහමැතිවරණයට එක්ව තරග කිරීමට දැනටමත් එකගතාව පළ ‌කොට ඇති බව පැවසේ.

හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ මාතර නිවසේ ඊයේ (29) පැවති ජනහමුවේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ පැවසුයේ, මෙවර මහ මැතිවරණයට පෙරමුණකින් යුතුව තරඟ කරන බවයි.



සබැඳි පුවත් :

'පෙරමුණකින් අපි එනවා' - එජාප නායකයා කියයි (Video)

එජාප අර්බුදයට විසඳුමක් ! - ලකුණ මාරු කරන්න කොමිසමෙන් ඉඩ !!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්