ඉදිරි මහ මැතිවරණදී යාපනයට හා මඩකළපුව දිස්ත්‍රික්කවලට 'පොහොට්ටුව 'ලකුණින් ඉදිරිපත් නොවීමට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය තීරණය කර ඇතැයි එම සන්ධානයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
ඒ අනුව, යාපනයට හා මඩකලපුව දිස්ත්‍රික්කවලට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය වෙනත් පොදු ලාංඡනයක් යටතේ ඉදිරිපත්වීමත්, එම දිස්ත්‍රීක්ක දෙකෙහි සංවිධාන කටයුතු සන්ධානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පැවරීමටත් තීරණය කර ඇතැයි පැවසේ.
එසේම, සෑම දිස්ත්‍රීක්කයකටම මුස්ලිම් ජාතිකයින් ගෙන් සැදුම්ලත් 'ස්වාධින' කණ්ඩායම් ඉදිරිපත් කිරීමට ද ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලේකම් බැසිල් රාජපක්ෂ මේවනවිට සැලසුම් කරමින් සිටින බවද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.
අපරාධ චෝදනා අයට නාමයෝජනා නෑ : බැසිල් දැඩි ස්ථාවරයක
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් සම්බන්ධයෙන් අවසන් තීරණය සන්ධානයට සම්බන්ධ පක්ෂ නායකයන් පත්කරන නාමයෝජනා මණ්ඩලය විසින් තීරණය කරන බව එම සන්ධානයේ ලේකම් බැසිල් රාජපක්ෂ පවසයි.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් අපේක්ෂකත්වය ලැබීමට නුසුදුසු කරුණුවලට අමතරව අපරාධ චෝදනා එල්ල වූවන්ට පමණක් නාමයෝජනා ලබා නොදීමට තීරණය කර ඇත.
මේ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට සම්බන්ධ පක්ෂ නායකයන් පසුගිය සතියේදී බැසිල් රාජපක්ෂ හමුවී සාකච්ඡා කර ඇති අතර එම පක්ෂ ඉදිරිපත්වන දිස්ත්‍රික්ක පිළිබඳ සාකච්ඡා කර ඇත. එම තීරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික්ක නායකයන් සමගද සාකච්ඡා කිරීම ආරම්භ කර තිබේ.