කොළඹ නෙළුම්පොකුණ රඟහලේ මේවනවිට පැවැත්වෙන 'සමගි ජන බලවේගය' සමාරම්භක උත්සවය සඳහා නිල වශයෙන් සහභාගි නොවීමට එක්සත් ජාතික පක්ෂය තීන්දු කර තිබේ.


'සමගි ජන බලවේගයේ' මැතිවරණ සලකුණේ ගැටළුව සහ එම බලවේගයේ ව්‍යවස්ථාව නිල වශයෙන් එජාප නායකයා වෙත ලබානොදීම මත මෙම තීරණය ගෙන ඇතැයිද සඳහන්ය.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ 'අලියා' ලකුණින් තරඟ වැදීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තින්දුකළ බව එම රැස්වීමෙන් අනතුරුව වික්‍රමසිංහ විසින් මාධ්‍ය හමුවක් කැඳවා දැනුම් දී සිටියේය.

මේ අතර සමගි ජනබලවේගය පැවැත්වෙන උත්සවය වේලාවටම එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් සඳහා රැස්වීමක් රනිල් වික්‍රමසිංහ විසින් කැඳවා ඇත.

එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ඕනෑම පුද්ගලයෙකු විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට රනිල් වික්‍රමසිංහ දැනටමත් තීරණය කර තිබේ.


WhatsApp Image 2020 03 02 at 10.05.58 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්