ආණ්ඩුව විසින් කළ යුතු සංවර්ධන වැඩ සඳහා සිය අරමුදල් වලින් සියයට 70ක් වැය ‌නොකරන රාජ්‍ය නොවන සංවිධාන (NGO) වැඩ සටහන් අනුමත නොකිරීමට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තීරණය කර තිබේ. 

මෙසේ නව රජය විසින් විදේශීය හා දේශීය රාජ්‍ය නොවන සංවිධානවලට තහංචි දැමීම ආරම්භ කර ඇත්තේ ඔවුන් දැන් කරමින් සිටින වැඩසටහන් කපා හරින ලෙසට දැනුම් දෙමිනි.

දැන් මෙම පිළිවෙත මුලතිව් දිස්ත්‍රික්කයෙන් ආරම්භ වී ඇතැයි 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත වාර්තා කරයි. ‌

මුල්ලතිව් දිස්ත්‍රික් අතිරේක ලේකම් කේ. කනකේශ්වරන් විසින් කාන්තා සවිබල ගැන්වීම, ළමා අයිතිවාසිකම්, තරුණ පුහුණුව, මානව හිමිකම්, ඉඩම් අයිතිවාසිකම් පුහුණු කිරීම, ස්වයං ආධාර කණ්ඩායම් ශක්තිමත් කිරීම වැනි වැඩසටහන් අවම කරන ලෙස රාජ්‍ය නොවන සංවිධානවලට දන්වා යවා තිබේ.

සියලුම ජාත්‍යන්තර හා ප්‍රාදේශීය රාජ්‍ය නොවන සංවිධාන “දිස්ත්‍රික්කයේ සමාජ හා ආර්ථික වැඩසටහන්” ආරම්භ කළ යුතු බව ඒම ලිපියෙන් ඔහු දැනුම් දි තිබේ. මේ සඳහා විවිධ ක්ෂේත්‍ර එකොළහක් සදහන් කර තිබේ. ඒවා මෙසේ ය:

    # වැව් අලුත්වැඩියා කිරීම
    # කෘෂිකාර්මික මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම
    # ග්‍රාමීය ඉදිකිරීම්
    # පිවිසුම් මාර්ග
    # අවදානමට ලක්විය හැකි පුද්ගලයින් උදෙසා ළිං ඉදිකිරීම
    # ළිං අළුත්වැඩියා කිරීම හා ගැඹුරු කිරීම
    # ඉන්දියාවෙන් නැවත පැමිනෙන් සඳහා තාවකාලික නවාතැන් ඉදිකිරීම
    # කෘෂිකාර්මික යෙදවුම් සැපයීම
    # කාන්තා මූලික සහ අතුරුදහන් වූ පුද්ගලයින් ගේ පවුල්වල ජීවනෝපායන්
    # පෙර පාසල් සංවර්ධන වැඩසටහන්
    # ආබාධිත පුද්ගලයින්ට ආධාරක උපකරණ සැපයීම
    # ගැබිනි මව්වරුන්, කිරි දෙන මව්වරුන් සහ ග්‍රාමීය ගම්මානවල පෙර පාසල් දරුවන් සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර සැපයීම.

මෙම ලිපිය මගින් රාජ්‍ය නොවන සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධානවලට පවසා ඇත්තේ ඒකී මාර්ගෝපදේශයන්හි අඩංඟු ක්‍රියාකාරකම් 70% ට වඩා අඩංගු නොවන රාජ්‍ය ‌‌නොවන කිසිදු ක්‍රියාකාරී සැලැස්මක් දිසා ලේකම් කාර්යාලය විසින් අනුමත නොකරන බවයි.

රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ වෙනත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ද එවැනිම උපදෙස් යවා ඇති බවයි.

මුල්ලතිව් දිස්ත්‍රික්කය රාජ්‍ය නොවන සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් වැඩිපුරම කටයුතු කරනු ලබන එක් ප්‍රදේශයකි.

නම් සඳහන් කිරීමට අකමැති වූ‍ එක් විදේශීය රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයෙකු 'සන්ඩේ ටයිම්ස්' පුවත්පතට පවසා ඇත්තේ, ඔවුන්ගේ මැදිහත්වීම කපා හැරීමට ඔවුන්ට සිදු වියහැකි බවයි. ව්‍යාපෘති හා වැඩසටහන් හඳුනා ගන්නේ තම මව් සංවිධාන විසින් බවත් බවත් අපට මුදල් ලබා දෙන්නේ එම ව්‍යාපෘති වලට පමණක් බවත් ය.

(srilankabrief.org)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්