වෛද්‍ය විද්‍යාව හැදෑරීම පිණිස ජෝර්ජියාවේ (Georgia) තිබිලිසි අගනුවර රාජ්‍ය වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වන

ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් රවටා ඔවුන්ගෙන් අතිවිශාල මුදලක් ගසා කෑමේ ජාවාරමක් ගැන ජෝර්ජියාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේ.

ජෝර්ජියාව සෝවියට් දේශයට අයත් සමූහාණ්ඩුවක්ව තිබුණු සමයේ ශ්‍රී ලාංකික සිසුන් විශාල පිරිසක් සෝවියට් ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ තිබිලිසි නුවර උසස් අධ්‍යාපනය හැදෑරූහ. ඒ බොහෝ දෙනා මේ වනවිට ශ්‍රී ලංකාවේ උසස් තනතුරු දරති.

සොවියට් දේශය බිඳ වැටීමත් සමඟ සෝවියට් ශිෂ්‍යත්වද අහෝසි වූ අතර, වසර ගණනාවකට පසුව සෝවියට් දේශයෙන් බිඳ වැටුන රටවල් විදේශීය සිසුන් සිය පාඨමාලා සඳහා පෞද්ගලික මට්ටමෙන් බඳවා ගැනීම ඇරඹුහ. ජෝර්ජියාවේ විශ්ව විද්‍යාලද ඒ අතර වේ.

'සිසුන් රවටා අතිරේක මුදල් ගැනීම' 

බටහිර රටවලට වඩා පහසුවෙන් වීසා බලපත්‍ර ලබාගත හැකිවීමත්, පහසු මුදලකට අධ්‍යාපනය ලබාගැනීමට හැකිවීමත් හේතුවෙන් එම රටවල අධ්‍යාපනය ලැබීම ශ්‍රී ලංකාවේ සිසුන් අතර දැන් ජනප්‍රිය වෙමින් පවතී.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් මෑතක සිට ජෝර්ජියාවේ වෛද්‍ය අධ්‍යාපනය හදාරමින් සිටිති.

ජෝර්ජියාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලය ඒ සඳහා වසරකට අය කරන මුදල ඇමෙරිකානු ඩොලර් 7500 කි. එහෙත් ශ්‍රී ලංකාවේ සිට සිසුන් බඳවා ගන්නා ආයතනය සිසුන් රවටා ඔවුන්ගෙන් තවත් ඩොලර් 6000 ක අතිරේක මුදලක් අය කරන බව දැක්වෙන රිසිට් පත් අප සතුව තිබේ. එම ආයතනය ඒ සඳහා විවිධ ව්‍යාජ හේතු දක්වා තිබේ.

උදාහරණයක් ලෙසින් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය සඳහා ඩොලර් 2750 ක් අයකරන බව ICAM Education Centre ආයතනය නිකුත් කළ ලදු පතේ සඳහන් වුවද, අමාත්‍යාංශය ඒ සඳහා අයකරන උපරිම මුදල ඩොලර් 100 ක් පමණි.

මෙය ICAM Education Centre ආයතනය සහ තිබිලිසි රාජ්‍ය විශ්ව විද්‍යාලයේ කිසියම් ගුරුවරුන් පිරිසක් විසින් එක්ව සිදු කරන වංචාවක් යයි සැක කරන බව ජෝර්ජියානු අධ්‍යාපන බලධාරීහු පවසති.

තමන් ඒ පිළිබඳව විමසා බලන අතරම සිසුන් රවටමින් සිදුකරන මෙම ජාවාරම පිළිබඳව ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේද අවධානය යොමුවිය යුතු බව ජෝර්ජියානු අධ්‍යාපන අමාත්‍යංශයේ ස්ථාවරය වී තිබේ.

add

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්