පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ (02) මැදියම් රාත්‍රීයේ නිකුත් වීමත් සමග 'පොහොට්ටු' පක්ෂය අද උදැසන සිටම සිය සමාජ මාධ්‍ය ප්‍රචාරක කටයුතු ආරම්භකර තිබේ.

එහි මෙසේ දැක්වේ.

රට සුරැකී මිනිස්සු රට හදන මඟට ....

අපි රටට ආදරේ මිනිස්සු ...

campaign

'පොහොට්ටු' පක්ෂය මෙම මැතිවරණය වෙනුවෙන් ද දැවැන්ත සමාජ මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාවට නැවීමට සැලසුම් කර ඇති අතර එහි වගකීම පවරා ඇත්තේ, පසුගිය ජනාධිපතිවරණයේ දී ද 'පොහොට්ටුවේ' සමාජ මාධ්‍ය මෙහෙයුම ක්‍රියාත්මක කළ අගමැති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ වෙතය.

''වැඩ කරන රටක - වැඩ කරපු කෙනෙක්''

ඒ අතර ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන ආණ්ඩු පක්ෂයේ බොහෝ අපේක්ෂකයින් ද සිය ප්‍රචාරක කටයුතු මේවනවිට ආරම්භකර ඇත.

ඒ අනුව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සමාජ මාධ්‍ය හරහා සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් වීඩියෝ පටයක් අද මුදාහැර තිබේ.  ඔහුගේ මැතිවරණ තේමා පාඨය ලෙස යොදාගෙන ඇත්තේ,

වැඩ කරන රටක වැඩ කරපු කෙනෙක් .. කියාය

mahindananda 2020

 

එජාපය ලකුණක් සොයමින් කරක් ගසයි !

ආණ්ඩු පක්ෂය එසේ සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු දැනටමත් ආරම්භකර තිබිය දී, එක්සත් ජාතික පක්ෂයේ යෝජනාවක් අනුව පිහිටුවනු ලැබූ 'සමගි ජන බලවේගය' මැතිවරණය ඉදිරිපත් වන්නේ කුමන ලකුණකින් දැයි මේවනවිටත් සාකච්ජා පවත්වමින් සිටියි.

කෙසේවුවද හිටපු අමාත්‍ය මංගල සමරවීර 2020 මහ මැතිවරණය සඳහා තම අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කිරීම පසුගිය සෙනසුරාදා (29) සිදුකළකළේය.

''එඩිතර මාතරකම' යන තේමාව යටතේ මංගල සමරවීරගේ මැතිවරණ ප්‍රචාරක මෙහෙයුම එළිදැක්වූයේ 'එක්සත් ජාතික මංගල' යන ලේබලය යටතේය.

Screen Shot 2020 02 29 at 11.18.48 AM

මංගල සමරවීර තම අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කිරීමට පෙර පෙබරවාරි 27දා රාත්‍රී සර්ව රාත්‍රීක පිරිත් සජ්ජායනයක් පවත්වා ත්‍රීවිධ රත්නයේ ආශිර්වාදය ද ලබා ගත්තේය. එම අවස්ථාවට 'සමගි ජන බලවේගයේ' නායක සජිත් ප්‍රේමදාස ද එක්ව සිටියේය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්