ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙරට මිල්ටරි රාජ්‍යයක් කරා ගෙනයමින් සිටින මොහොතක

එක්සත් ජාතික පක්ෂය බෙදී වෙන්වී ඇනකොටා ගැනීම අනාගත පරපුර විසින් කිසිදිනෙක සමාව නොදෙන ඵෙතිහාසික වැරැද්දක් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර අවධාරණය කර සිටියි.

ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමට ඇතැමුන් දරන උත්සාහය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු විසින් නිකුත්කර ඇති වීඩියෝවක එබව සඳහන් වේ.

බොරු පොරොන්දු දෙමින් බලයට පත් රාජපක්ෂ ආණ්ඩුව දින 100ක් තුල ඔවුන්ට ඡන්දය දුන් ජනතාවගේ අපේක්ෂාවන් මුලුමනින්ම කඩකර ඇතයි පවසන මංගල සමරවීර, ජනාධිපතිවරයා දිනෙන් දින රට මිල්ටරිකරණයට ඇදගෙන යමින් සිටින බවද කියා සිටියි.

එවැනි අවස්ථාවක, රට යලි නිවැරදි මාවතට ගෙන එම සඳහා එක්සත් ජාතික පක්ෂයේ වගකීමක් බව අවධාරණය කරන හිටපු ඇමතිවරයා, ඒ වෙනුවෙන් ආණ්ඩු විරෝධී සියලු බලවේග ඒකරාශී කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙයි.

 

''එජාපය කාගේවත් බුදලයක් නොවේ''

රට මෙවැනි අර්බුදකාරී තත්වයකට මුහුණදී සිටින මොහොතක, ජනාධිපති ගෝඨාභයගේ හා රාජපක්ෂ පවුලේ උවමනා එපාකම් ඉටුකරන කිසියම් පිරිසක් එජාප දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයක නිරතව සිටින බව පවසන මංගල සමරවීර, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙදී ගත් තීන්දු තීරණ ප්‍රකාරව නව සන්ධානය ගොඩනැගීමට එජාපය පුර්ණ දායකත්ව ලබාදිය යුතු බවද අවධාරණය කර සිටයි.

මේ තීරණාත්මක අවස්ථාවේ දී එජාපය නියෝජනය කරන කිසිඳු පාර්ශවයක් හෝ පුද්ගලයකු නෙරපීම නොව එක්කර ගනිමින් ඉදිරි මහ මැතිවරණය සඳහා එක සන්ධානයක් යටතේ සමගිව එක්සත්ව මුහුණදීම එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ අපේක්ෂාව බවද මංගල සමරවීර පවසයි.

එක්සත් ජාතික පක්ෂය යම් පුද්ගලයකුගේ හෝ කල්ලියක දේශපාලන ව්‍යාපාරයක් නොව පාක්ෂිකයින්ගේ මෙන්ම අනාගත පරපුරේ දායාදයක් බව පවසන මංගල සමරවීර, මෙවැනි අවස්ථාවක තීරණාත්මක වන්නේ ලකුණ නොව අදාල සන්ධානයේ ප්‍රතිපත්ති හා ඒවටා සිටින පුද්ගලයින් කවුරුන්ද යන කරණය බව පෙන්වා දෙයි.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්