පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සියලු පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වියයුතු බව

විමල් වීරවංශ අමාත්‍යවරයා අවධාරණය කර සිටියි. ඔහු පවසන්නේ ඒ සඳහා ඔවුන්ගේ නිලතල අදාල නොවන බවයි.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ අමාත්‍යවරයා මේ බව පැවසීය.

theleader.lk වෙත වාර්තා වන පරිදි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා ද විත්තිකරුවකු කර නාමයෝජනා වලට පෙර නීතිය හමුවට ගෙන ඒමේ සුදානමක් මේවනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.

''පාස්කු ප්‍රහාරය දැනගෙන සිටි උකුස්සන් එය වලක්වා නොගෙන බකන් නිලාගෙන සිටියා'' යයි විමල් විරවංශ ඇමතිවරයා පෙරේදා පැවසුයේ ඒ සඳහා අවශ්‍ය ජනමතය සැකසීම සඳහා බවද වාර්තාවේ.

 

පාස්කු ඉරිදා ප්‍රහාර විමර්ශනය කළ ‌‌ජේෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක්ම මාරු!

Image result for pasku lanka

මේ අතර colomboxnews.com වාර්තා කර ඇත්තේ, පාස්කු ඉරිදා ප්‍රහාර විමර්ශනය කළ ‌‌ජේෂ්ඨ පොලිස් නිලධාරීන් රැසකටම ස්ථාන  මාරුවීම් ලබාදී ඇති බවයි. එම වාර්තාවේ මෙසේද සඳහන් වේ.

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව ඒ පිළිබඳ සොයාබැලීම සඳහා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කළ මුල්ම ජනාධිපති විමර්ශන කොමිසම වූයේ මළල්ගොඩ කොමිසමයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩගේ සභාපතිත්වයෙන් යුත් එම කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරවීම සඳහා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබාදී තිබිණි.

ඒ අනුව ඊළඟ වටයේදී අදාළ කාලසීමාව තුළ කොළඹ දිසාව භාරව සිටි ඉහළ පොලිස් නිලධාරීන් පිරිසක් ද අත් අඩංගුවට ගැනීමට නියමිතව පැවතිණි. එය සිදුවිණි නම් ඔවුන්ගෙන් ලබාගන්නා ප්‍රකාශ අනුව ඊට ඉහළ බලධාරීන් සම්බන්ධයෙන් අවධානය යොමු වන්නට තිබිණි.

''කොළඹ මධ්‍යම දිසාව භාරව සිටින්නේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ය. මළල්ගොඩ කොමිසමේ වාර්තාව අනුව තෙන්නකෝන් ද පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වගකිවයුත්තෙකි.''

නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ මෙම විමර්ශනය භාරව සිටි කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක හෙළඋඩගේ මහත්මියව මේ  වනවිට වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ මධ්‍යම දිසාව වෙත මාරුකර යවා තිබේ.

කොළඹ මධ්‍යම දිසාව භාරව සිටින්නේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ය. මළල්ගොඩ කොමිසමේ වාර්තාව අනුව තෙන්නකෝන් ද පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වගකිවයුත්තෙකි.

ඒ අනුව එහි විමර්ශන භාරව සිටි නිලධාරිනිය ඔහු යටතේ සේවය කිරීම සඳහා මාරු කෙරුණු විට සිදුවන්නේ කුමක්ද යන්න අමුතුවෙන් කිව යුතු නැත.

 

විමර්ශන එකතැන ඇනහිටින ලකුණු !

පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවේ දෙවැනි අධියර වූ දෙමටගොඩ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය භාරව කටයුතු කළේ පොලිස් අධිකාරී ලොකුහෙට්ටි ය. ඔහුව වහාම ක්‍රියාත්මක වන පරිදි කාන්තා හා ළමා කාර්යාංශයට මාරු කර යවා තිබේ.

කිංස්බරි හෝටලයේ බෝම්බ පිපිරීම පිළිබඳ විමර්ශනය කළ පොලිස් අධිකාරී කළණසිරිව ද වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා ඇත්තේ පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයටය.

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය භාරව සිටියේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක ය. ඔහුව වහාම ක්‍රියාත්මක වන පරිදි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයකු ලෙස මාරුකර යවා ඇත.

ෂැංග්‍රිලා හෝටලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරගෙන යන්නේ සහකාර පොලිස් අධිකාරී අම්පාවිල විසිනි. ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට ඉතාම ආසන්නව පවතී.

මේ අනුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ගණනාවක්ම හදිසියේ ස්ථාන මාරුකර යවා එම විමර්ශනවලින් ඉවත් කර ඇති බව පැහැදිලිය.

 අලුතින් මෙම විමර්ශන භාරගන්නා නිලධාරීන් කවරුන් වුවත් ඔවුන්ට මෙතෙක් කළ විමර්ශන අධ්‍යනය කිරීමටම සැලකිය යුතු කාලයක් ගතවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. එතෙක් මේ විමර්ශන එකතැන නතර වේ.''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්