ඉදිරි මහ මැතිවරණයට මුහුණදීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය මත සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ගොඩනැගු සමගි ජන බලවේගයට 'හංසයා' ලකුණ ලබාදීමට රවී කරුණානායක මේවනවිට එකඟතාවය පළකර ඇතැයි වාර්තාවේ.
රවී කරුණානායකට හිතවත් පිරිසක් විසින් මෙහෙයවන 'නව ප්රජාතන්ත්රවාදී සන්ධානය'ට අයත් 'හංසයා' ලකුණ 'සමගි ජන බලවේගය'ට ලබාදීම සඳහා රවී කරුණානායක විසින් මිට ඉහතදී කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබු නමුත් එම ඉල්ලීම සජිත් පාර්ශවය විසින් ප්‍රතික්ෂේප කර තිබිණ.
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් පුළුල් පෙරමුණක් ගොඩනැගීමට දරන ලද උත්සාහයේදී ඒ සඳහා ඉදිරිපත්වන ලකුණ සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය පුරාම බරපතල අභ්‍යන්තර මතගැටුමක් හටගෙන තිබිණ.
එම තත්වය යටතේ අතරමැද එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, මංගල සමරවීර හා රාජිත සේනාරත්න යන හිටපු අමාත්‍යවරුන් පසුගිය දින කිහිපයෙහි බලවත් උත්සහයක් දැරිය.
ඔවුන් ඊයේ හා අද දිනයේ වෙන වෙනම රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස හමුවෙමින් එකඟතාවයක් ඇතිකර ගැනීමට සාකච්ජා වට කිහිපයක්ම පවත්වා ඇත.