සජිත් ප්‍රේමදාසගේ 'සමගි ජන බලවේගයේ' නායකයින් රැසක්ම ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැනගැනීම සඳහා බලවත් උත්සහයක් දරමින් සිටින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඒ අතර එජාපයේ ජනප්‍රිය තරුණ නායකයකු වන හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු ද සිටින බව වාර්තාවේ. එසේම, බදුල්ල දිස්ත්‍රීක් හිටපු මන්ත්‍රී රවින්ද්‍ර සමරවීර, කොළඹ දිස්ත්‍රීක් හිටපු මන්ත්‍රී එරාන් ප්‍රනාන්දු වැනි හිටපු අමාත්‍යවරුන් ද ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත්වීමට අපේක්ෂාවෙන් සිටින බව පැවසේ.

පක්ෂයේ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර හිටපු අමාත්‍යවරයා ද බොහෝදුරට ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත්වීමේ ඉඩක් ඇතැයි වාර්තාවේ.

ඔවුන්ට මෙම මැතිවරණයේදී පක්ෂය වෙනුවෙන් ජාතික කාර්ය භාරයක් පවරා ඇති නිසා මෙසේ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත්වන බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් 'සමගි ජන බලවේගයේ' සමස්ත ප්‍රචාරක ක්‍රියාවලිය මෙහෙයවීම මේවනවිට හරින් ප්‍රනාන්දු වෙත පවරා ඇති අතර ප්‍රතිපත්ති ප්‍රකාශය සැකසීමේ මුලික වගකීම එරාන් වික්‍රමරත්න වෙත පවරා ඇතැයි ද 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්