විවිධ බාධා එල්ල වූ අසීරු අවස්ථාවන්හි ලාබාලතම දේශපාලන පක්ෂය ලෙස මැතිවරණවලට තරග කර විශිෂ්ඨ ජයක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මෙවර මහ මැතිවරණයේ දී අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීම ස්ථිර බව එම පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අවධාරණය කර සිටියි.
බත්තරමුල්ල, නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති පක්ෂ ක්‍රියාකාරීන් හා අනුබද්ධ සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරීමේ හමුවකදී ඔහු මේ බව කියා සිටියා.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පාර්ලිමේන්තු ආසන 113 ත් 120 ත් අතර ප්‍රමාණයක් ජයග්‍රහණය කිරීම සිය අපේක්ෂාව වන බවයි.
මැතිවරණ නීතිවලට අනුකූලව සහ පරිසර හිතකාමී ලෙස ප්‍රචාරණ කටයුතු මෙහෙයවීමේ වැදගත්කම ද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙහිදී පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ!
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුව ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව එහි මහලේකම් නීතීඥ සාගර කාරියවසම් නිල වශයෙන් මැතිවරණ කොමිසන් සභාවට පෙරේදා 03දා දැනුම් දී ඇත.
පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ මහ මැතිවරණය ප්‍රකාශ කර දින 7ක් ඇතුළත දී මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ මැතිවරණයට තරග කරන බව මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම් දිය යුතු වේ.
ඒ අනුව මෙම දැනුම්දීම කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් පැවැසීය.