ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමට වඩාත් සුදුසු සලකුණ 'අලියා' ලකුණ වුවත් එක්සත් ජාතික පක්ෂය දෙකඩවීම

 වලක්වා ගැනීම සඳහා වෙනත් ලකුණකට වුවද එකඟ බව එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් සජිත් පාර්ශවය වෙත දැනුම්දීමක් කර තිබේ.

පිටකෝට්ටේ 'සිරිකොත' එක්සත් ජාතික පක්ෂ  මූලස්ථානයේ ඊයේ (04) රාත්‍රී පැවති විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු ඔහු සජිත් පාර්ශවයේ ප්‍රබලයකු අමතමින් එම දැනුම්දීම සිදුකර ඇත.

කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවය පලකරන ලද පරිදි දෙපාර්ශ්වය අතර අත්සන් කිරීමට යෝජිත අවබෝධතා ගිවිසුම වහාම සුදානම් කරන්නැයි ද එජාප නායකයා එහිදී පවසා ඇත.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ යෝජනාව පක්ෂ නායකවරයාට ඉදිරිපත් කර ඇත්තේ හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම විසිනි.

මේ සම්බන්ධයෙන් theleader.lk වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු පැවසුයේ, රනිල් වික්‍රමසිංහ මෙසේ නම්‍යශීලි ස්ථාවරයකට එළඹ ඇතත් ඔහු වටා සිටින ඇතැමුන් සන්ධානගත වීමකට එරෙහිව කටයුතු කරමින් සිටින බවයි.

එක්සත් ජාතික පක්ෂයේ පදනම ආරක්ෂා කරගනිමින් මහමැතිවණයට අලියා ලකුණින් තරගකළ යුතුබවට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බව මාධ්‍ය හමුවේ ඊයේ රාත්‍රී පැවසු එජාප මහ ලේකම් අඛිල විරාජ් කාරියවසම්, 'ටෙලිෆේන් එකෙන් ඉල්ලනවා නම් පක්ෂ සමාජිකත්වයෙන් අයින් වෙලා යනවා. මම නම් පාර්ලිමේන්තු මැතිවරණයට ඉල්ලන්නේ නෑ” යයි අවධාරණය කර සිටියේය.

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු ඊයේ රාත්‍රීයේ ම ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගිය රනිල් වික්‍රමසිංහ යළි හෙට දිනයේ දිවයිනට පැමිණීමට නියමිතය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්