මහනුවර එක්සත් ජාතික පක්ෂයේ බලමණ්ඩලය සජිත් ‌ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් 'සමගි ජන බලවේගය' සමග

එක් වීමට තීන්දු කර ඇත. එම තීන්දුව ගෙන ඇත්තේ, එජාප මහනුවර දිස්ත්‍රික් නායක ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පැවැති රැස්වීමකදීය.

ඉදිරි මහ මැතිවරණයේදී ගතයුතු පියවර සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා ලක්ෂ්මන් කිරිඇල්ල විසින් මෙම රැස්වීම කැඳවා තිබු අතර මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සියලුම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන්  218 ‌දෙනාටම ඒ සඳහා ආරාධනා කර තිබිණ.

ඒ අතරින් දිස්ත්‍රීක්කය නියෝජනය කළ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 198 ‌දෙනකු ඊට සහභාගී වී ඇත.

 

ඒකමතික ප්‍රතිචාරයක් :

එහිදී හිටපු අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල යෝජනාවක් ‌ඉදිරිපත් කරමින්, ඉදිරි මහමැතිවරණයේදී සජිත් පිලෙන් තරග වැදීමට සූදානම් පිරිස තම කැමැත්ත අකැමැත්ත ප්‍රකාශ කරන ‌ලෙසට ඉල්ලා තිබේ.

එම ‌යෝජනාවට ප්‍රතිචාර දක්වමින් සියලු ‌දෙනාම ඒකමතිකව සදහන් කර ඇත්තේ ‌සජිත් ප්‍රේමදාසගේ නව සන්ධානය යටතේ තරග වැදිය යුතු බවයි.

ඒ අනුව, එලබෙන මහ මැතිවරණයේ දී 'සමගි ජන බලවේගයේ' ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බවට එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලක්ෂ්මන් කිරිඇල්ල, රැස්ව සිටී පිරිස හමුවේ සහතික වී තිබේ.

 

මයන්ත දිසානායක කියපු කතාව !

'මෙතනට ආපු කැපුවත් කොලපාට මන්ත්‍රීවරු, මහජන නියෝජිතයෝ සියලූම දෙනා ඒකමතකිකව කීවා සජිත් ප්‍රේමදාස මහතාට සහය දීලා 'සමගි ජන බලවේගය' ජයග්‍රහණය කරවමු කියලා' - හිටපු මන්ත්‍රී මයන්ත දිසානායක

ඉන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක ප්‍රකාශ ‌කොට ඇත්තේ යම් ‌හෙයකින් එජාපය 'අලියා' ලකුණ යටතේ ‌වෙනම තරග වැදීමට තීන්දු කළහොත් ගන්නා පියවර කුමක්ද යන්නය.

එහිදීද රැස්ව සිටි පිරිස සදහන් කොට ඇත්තේ එසේ වුවද සියලු ‌දෙනාම ‌ප්‍රේමදාසගේ නව සන්ධානය යටතේ තරග වැදීමට කටයුතු කළ යුතුයි කියාය.

එහිදී අදහස් දැක්වූ මයන්ත දිසානායක මෙසේ පවසා තිබේ.

'කැපුවත් කොලපාට මන්ත්‍රීවරු, මහජන නියෝජිතයෝ පවා මෙතනට ආවා. එතුමන්ලාගෙන් ඇහුවා විවෘතව එජාපයෙන් නාමයෝජනා ඉල්ලුවොත් ඒකෙන් ඉල්ලනවද? නැත්නම් සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දෙන සමගි ජනබලවේගයට සහය දෙමුද කියලා. මේ ප්‍රශ්නය අහපු ගමන් සියලූම දෙනා ඒකමතකිකව කීවා සජිත් ප්‍රේමදාස මහතාට සහය දීලා ජයග්‍රහණය කරවමු කියලා'

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්