ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන ආකාරයට 2020 පෙබරවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම

සියයට 17.7 කින් පහත වැටී ඇත. 2019 වර්ෂයේදී මෙම කාලසීමාව තුළදී සංචාරකයින් 252,033ක්  ශ්‍රී ලංකාවට පැමිණි අතර මෙම පෙබරවාරි මාසයේ පැමිණ ඇත්තේ 207,507ක් පමණි.

ජනවාරි මාසයේද සංචාරකයින්ගේ පැමිණිම සියයට 6.5 කින් අඩුවී ඇත.

මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ලෝකය පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෛරසයේ බලපෑමයි. පෙබරවාරි මාසයේදී වැඩියෙන්ම සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාව, එක්සත් රාජධානිය සහ රුසියානු ජනරජයෙන්ය.

ශ්‍රී ලාංකීය සංචාරකයින්ගේ පැමිණිමේ දත්ත විශ්ලේෂණය කිරීමේදි  60.1% යුරෝපයෙන්ද, 31.2% ආසියා පැසිපික් කලාපයෙන්ද, 6.9% මැදපෙරදිග වශයෙනි. චීනයෙන් වාර්ෂිකව සංචාරකයින් 253,000ක් පමණ පැමිණෙන් අතර එය ප්‍රතිශතයක් ලෙස 13.6% කි.

මෙම වර්ෂයේ චීන සංචාරකයින්ගේ පැමිණීම 92.5% පහත බැස ඇත. චීනය පුරා පැත පවතින කොරෝනා වෛරසය නිසා 3300 දෙනෙකු මරණයට පත්වී ඇති අතර මේ වන විට චීන ජාතිකයන් සිය නිවෙස් වලට වී තත්වය සමනය වන තෙක් බලා සිටී.

''2020 පෙබරවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම සියයට 17.7 කින් පහත වැටී ඇත. 2019 වර්ෂයේදී මෙම කාලසීමාව තුළදී සංචාරකයින් 252,033ක්  ශ්‍රී ලංකාවට පැමිණි අතර මෙම පෙබරවාරි මාසයේ පැමිණ ඇත්තේ 207,507ක් පමණි. ජනවාරි මාසයේද සංචාරකයින්ගේ පැමිණිම සියයට 6.5 කින් අඩුවී ඇත. ''

කොරෝනා වෛරසය වේගයෙන් තවත් අයෙකුට බෝවීම නිසා සමස්ථ ලෝකයේම ගුවන් සහ නාවික  සංචාරයේ යෙදෙන සංචාරකයින් සිය සංචාරයන් අවලංගු කර ඇත.

මේ වන විට ජාත්‍යන්තර ගුවන් ගමන් 200,000 ආසන්න ප්‍රමාණයක් අවලංගු කර ඇති අතර, ජාත්‍යන්තර වශයෙන්ද කොරෝනා වෛරසය පැතිර යන රටවල්වල භෝජනාගාර සහ හෝටෙල්ස් වසා දමා ඇත. මේ වනවිට රෝමයේ සියලුම පාසල් වසා දමා ඇති අතර සියලුම ක්‍රිඩා තරග අවලංගු කර ඇත.

බ්ලූම්බර්ග් ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය සඳහන් කරන්නේ සංචාරක සහ ගුවන් ගමන් කර්මාන්තය දැඩි අර්බුදයටකට ලක් වී ඇති බවයි.

සංචාරක කර්මාන්තය මේ වන විට ලබා ඇති පාඩුව ඩොලර් බිලියන 47 කි. ගුවන් ගමන් කර්මාන්තය ලබා ඇති පාඩුව ඩොලර් බිලියන 30කි.  රටවල් 14කට මෙම ව්‍යවසනය දැඩිලෙස බලපා ඇත. චීනයේ හෝටල්වලින් පරිහනය කරනු ලබන්නේ 15%, කොරියාවේ 26%, සිංගප්පූරුවේ 52%, තායිලංතයේ 69% කි.

2018 වර්ෂයේදී සංචාරක සහ හෝටෙල් කර්මාන්තය ලැබූ  ආදායම ඩොලර් ට්‍රිලියන 1.7 කි.

මෙම තත්වය දිගටම පැවතුනහොත් සහ ශ්‍රී ලංකාවේ මේ වන විට පෙන්නුම් කරන දත්ත අනුව ශ්‍රී ලාංකීය සංචාරක සහ හෝටල් කර්මාන්තය දැඩි පසු බෑමකට ලක්වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැක.

මේ සඳහා රජය විසින් වහා වහා විකල්පමය පියවර ගත යුතුය.

(ආර්ථික හා මුල්‍ය විශ්ලේෂක සේන සුරියප්පෙරුම)

Sena Suriyapperuma This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම :lankainformation.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්