මෙවර මහ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාසගේ 'සමගි ජන බලවේගය'ට එක්වී නුවරඑළිය දිස්ත්‍රීක්කයෙන් තරඟ කරන්නයි

නීතිඥ හිරන්‍යා හේරත්ගෙන් නුවරඑළිය වලපනේ එක්සත් ජාතික පාක්ෂිකයින් එකහඬින් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ වලපනේ සංවිධායකවරිය ලෙස කටයුතු කරන නීතිඥ හිරන්‍යා, එජාපයේ හිටපු නායිකාවක මෙන්ම අමත්‍යවරියක වූ අභාවප්‍රාප්ත රේණුකා හේරත්ගේ දියණියයි.

ඉදිරි මහ මැතිවරණයෙදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා ඇය පසුගියදා තම ආසනයේ එජාප බල මණ්ඩලය කැඳවා ඇති අතර එහිදී සිය අදහස් එළිපිටම පවසා ඇති බල මණ්ඩලයේ සාමාජිකයින් සියලු දෙනාම පාහේ මේ අවස්ථාවේදී එක්සත් ජාතික පාක්ෂිකයින් වෙනුවෙන් සජිත් ප්‍රේමදාස සමග එක්වන්නැයි ඇයට දැඩි ලෙස බලපෑම් කර ඇති බව වාර්තාවේ.

 

'ගබ්සාව නීතිගත කළ යුතුයි'!- හිරන්‍යා කියයි

නීතිඥවරියක මෙන්ම සමාජ සේවිකාවක ලෙස ප්‍රගතිශීලි අදහස් දරන නීතිඥ හිරන්‍යා හේරත්, News of Lanka වෙබ් අඩවිය සමග සිදුකල සාකච්ජාවකදී ගබ්සාව නීතිගත කළ යුතු යයි ද ප්‍රකාශකර තිබේ.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්