ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පසුගියදා පොළොන්නරුවේ දී

ප්‍රාදේශීය දේශපාලනඥයකු ඉලක්ක කර ගනිමින් සිදුකල 'උකුසු ප්‍රකාශය' පාදකකර ගනිමින්, පොහොට්ටු පක්ෂයේ ඇතැමුන් ශ්‍රීලනිපයට එරෙහිව මාධ්‍ය හරහා ගෙන යන ප්‍රචාරයන් හමුවේ මහ මැතිවරණයේදී එක පෙරමුණකින් තරඟ කරන්නේ කෙසේදැයි මේවනවිට බරපතල ගැටළුවක් මතුව ඇතැයි එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර පවසයි.

''ශ්‍රීලනිප අපේක්ෂකයන් පැරදවීම ඇරඹේ'' යන ශීර්ෂයෙන් යුතුව 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවී ඇති පුවත් වාර්තාව සම්බන්ධයෙන් theleader.lk කළ විමසීමකදී ඔහු එබව කියා සිටියේය.

ශ්‍රීලනිපය ඉලක්කකර ගනිමින් ඉතාමත් සැලසුම් සහගතව ක්‍රියාත්මක වන මෙම දේශපාලන ක්‍රියාදාමය හමුවේ, ඉදිරි මහ මැතිවරණයට වෙනම තරඟ කලයුතු බවට ආසන සංවිධායකයින් ගෙන් දැඩි බලපෑමක් එල්ලවී ඇතැයි ද දයාසිරි ජයසේකර වැඩිදුරටත් පැවසිය.

 

'අනිද්දා' වාර්තාව : ශ්‍රීලනිපයට එරෙහි සැලසුම් සහගත වැඩපිළිවෙළක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන්  ඉදිරි මහ මැතිවරණයේදී දිස්ත්‍රික් මට්මමෙන් පරාජය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැලසුම් සහගත වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් 'අනිද්දා' පුවත්පතට පවසා තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හා ඔහු සමඟ සම්බන්ධ කිසිවෙකුට ඡන්දය ලබා නොදෙන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගම්පහ මහර ප්‍රදේශයේදී කර ඇති ප්‍රකාශය එහි දිගුවක් බවත්, මෙලෙස ශ්‍රීලනිපය විවේචනය කිරීම පොදුජන පෙරමුණේ ඉහළ නායකයන්ගේ අනුග්‍රහය මත සිදුවන බවත් එම මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

ඊට අමතරව රොෂාන් රණසිංහ, ෂෙහාන් සේමසිංහ වැනි පොදුජන පෙරමුණේ ප්‍රබලයන් හිටපු ජනාධිපතිවරයාට ප්‍රබල විරෝධයක් එල්ල කර ඇත්තේ එහි කොටස් ලෙස බවද එම මන්ත්‍රීවරයා පවසා තිබේ.

 

ඇති සමගියක් නැහැ ...

ශ්‍රීලනිප කණ්ඩායම හා පොදුජන පෙරමුණ අතර සමගියක් ඇතිවිය යුතු බව තමන් පෞද්ගලිකව විශ්වාස කළද මැතිවරණයේදී එවැනි සමගියක් ඇති නොවනු ඇතැයි ද එම මන්ත්‍රීවරයා කියා තිබේ.

මේ අතර හිටපු ජනාධිපතිවරයා විවේචනය කරමින් තමන් උකුස්සන් ලෙස හඳුන්වාගන්නා කටුස්සන් ඉදිරි මැතිවරණයේදී පරාජය කළ යුතු බව අමාත්‍ය විමල් විරවංශ ද වැලිඔය ප්‍රදේශයේ උත්සවයකදී ප්‍රකාශ කර ඇත.

මේ අතර පොදුජන පෙරමුණට හිතවත් 'ලංකා සී නිවුස්' (lankacnews),  'ලංකා ලීඩ් නිව්ස්' (lankaleadnews), ලංකා මැග් (lankamag) හා එමනිසා (emanisa) වෙබ් අඩවිය හිටපු ජනාධිපති මෛත්‍රීපිල සිරිසේනට එරෙහිව ප්‍රබල ප්‍රහාරයක් දියත් කර තිබේ.

සබැඳි පුවත් :

නාමයෝජනාවලට පෙර මෛත්‍රී අත්අඩංගුවට ගනී ද? - විමර්ශනය කළ ‌‌පොලිස් නිලධාරීන් රැසක්ම මාරු!  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්