එක්සත් ජාතික පක්ෂය දෙකඩවීම වලක්වා ගැනීම සඳහා 'නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය' හා එහි නිල ලකුණ වන 'හංසයා'

සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතුව පිහිටුවන මැතිවරණ සන්ධානය වෙත ලබාදීමට රවී කරුණානායක කොන්දේසි විරහිතව එකඟත්වය පළකර ඇතැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් සජිත් පාර්ශවය වෙත අද (07) උදැසන දැනුම් දී ඇත.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මාර්ගයෙන් එම දැනුම් දීම සිදුකර තිබේ.

රවී කරුණානායකට හිතවත් පිරිසක් විසින් මෙහෙයවන 'නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය'ට අයත් 'හංසයා' ලකුණ 'සමගි ජන බලවේගය'ට ලබාදීම සඳහා රවී කරුණානායක විසින් මිට ඉහතදී කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබු නමුත් එම ඉල්ලීම සජිත් පාර්ශවය විසින් ප්‍රතික්ෂේප කර තිබිණ.

 

අකිලගෙන් මැතිවරණ කොමිසමට ලිපියක් !

මේ අතර එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසන්නේ, එළඹෙන මහා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහාම අලියා ලකුණින් තරග කරන බවයි.

එය මැතිවරණ මහලේකම් කාර්යාලයට ලිඛිතව දැනුම් දුන් බව ඔහු සඳහන් කළේය.

UNP letter

පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ මහ මැතිවරණය ප්‍රකාශ කර දින 7ක් ඇතුළත දී මැතිවරණයට තරග කරන දේශපාලන පක්‍ෂ මැතිවරණයට තරග කරන බව මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම් දිය යුතු වේ.

ඒ අනුව මෙම දැනුම්දීම කළ බව 'සිරිකොත' එජාප මුලස්ථානයේ ප්‍රකාශකයකු පැවැසීය.  කෙසේවුවද එජාපය වෙනත් සන්ධානයකින් මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කළහොත් එජාප මහ ලේකම්වරයා අද දිනයේ මැතිවරණ කොමිසම වෙත කළ දැනුම්දීම බාධාවක් නොවන බවද වැඩිදුරටත් කියා සිටියේය.

සබැඳි පුවත් :

සජිත්ගේ සන්ධානය සමග ගිවිසුමකට රනිල් සුදානම් ! 

Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්

ඇඳිරි නීතිය ඉවත් කළ පසු...