ශ්‍රි ලංකාව ඇතුළු රටවල් 14ක පුද්ගලයින්ට කටාර් රාජ්‍යට ඇතුලුවීම තාවකාලිව අත්හිටුවා තිබේ. කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ පියවරක් ලෙස කටාර් රාජ්‍ය මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

කටාර් රාජ්‍යයේ සන්නිවේදන කාර්යාලය ඊයේ(08) දිනයේ සඳහන් කළේ අද(09) දින සිට මෙම තහනම ක්‍රියාත්මක බවයි.

ශ්‍රි ලංකාවට අමතරව බංග්ලාදේශය, චීනය, ඊජිප්තුව, ඉන්දියාව, ඉරානය, ඉරාකය, ලෙබනන්, නේපාලය, පාකිස්ථානය, පිලිපීනය, දකුණු කොරියාව, සිරියාව සහ තායිලන්තය යන රටවල පුද්ගලයින්ට ද අදාළ තහනම පනවා තිබේ.

මේ අතර අත්‍යවශ්‍ය ගමනක් හැර සියලු ගමන් බිමන් වලින් වළකින ලෙස ද කටාර් රාජ්‍යය එරට ජනතාවට දැනුම් දි තිබේ

රටවල් තුනකින් පැමිණෙන අය අද සිට නිරෝධායන මධ්‍යස්ථානවලට !


මේ අතර නව කොරෝනා වෛරසය තදින් පැතිරයමින් තිබෙන රටවල් තුනකින් මෙහි පැමිණෙන සියළු මගීන් රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රි ලාංකිකයින් නිරෝධායනය කිරිමේ කටයුතු අද(09) දිනයේ සිට සිදුකිරිමට නියමිතව තිබේ.
දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලිය යන රටවල් වලින් මෙහි පැමිණෙන සියළු මගීන් එලෙස නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙනයාම සිදු කරනු ලැබේ.

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාල පරිශ්‍රය සහ වැලිකන්දේ පිහිටි කන්ද කාඩුව පුනුරුත්ථාපන මධ්‍යස්ථාන පරිශ්‍රය නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේය.

මේ අතර මේ වන විට විදෙස් රට වල සිට පැමිණි පුද්ගලයින් දෙදහසක් පමණ පසුවිපරමකට ලක් කරමින් සිටින බව විශේඥ වෛද්‍ය අනිල් ජාසිංහ තවදුරටත් සදහන් කළේය.

මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 3480 කි.


සබැඳි පුවත් :
කොරෝනාවෛරසය: අලුත්ම තොරතුරු මෙන්න - සුරතල් සතුන් සිප ගැනීමෙන් වළකින්න!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්