ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් 30% ක පමණ ප්‍රතිශතයකින් පහත වැටී තිබේ. මෙම වාර්තාගත මිල පහතවැටීම සැලකෙන්නේ 1991 වසරේ ජනවාරි මස 17 වන දිනෙන් පසු බොරතෙල් මිල මෙතරම් වැඩි ප්‍රතිශතයකින් පහත වැටුණු ප්‍රථම අවස්ථාව ලෙසයි.


ඒ, රුසියාව ලෝක වෙළෙඳපොළට බොරතෙල් සැපයීම පහත හෙලීම ප්‍රතිකිෂේප කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස සෞදි අරාබිය සිය බොරතෙල් මිල පහත දැමීමට පියවර ගැනීම මීට හේතුවිය.

මේ හමුවේ බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 31.02 ක මිලකට අලෙවි කෙරෙන අතර ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් අලෙවි කෙරෙන්නේ ඩොලර් 30 ක මිලකටය.

යහපාලන රජය විසින් ජනතාවට සහන සැලසීම සඳහා ක්‍රියාත්මක කළ ඉන්ධන මිල සුත්‍රය මෙවන තෙක් ක්‍රියාත්මක වූයේ නම් සෑම ඉන්ධන වර්ගයකම මිළ අවම වශයෙන් රුපියල් 20කින් අඩුකර, ඒ හරහා බස් ගාස්තු හා ත්‍රීවීල් ගාස්තු ද අඩුකර ජනතාවට සහන ලබාදී ජීවන වියදම් අඩු කිරීමට හැකියාවක් තිබුන බව හිටපු මුදල් ඇමති මංගල සමරවීර පෙරේදා ප්‍රකාශ කර තිබිණ.

සබැඳි පුවත් :
''මිළ සුත්‍රය තිබුනා නම් ඉන්දන මිළ රු. 20/=කින් අඩු කරන්න තිබුණා'' -හිටපු මුදල් ඇමති මංගල 

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පහත වැටිම  සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වල පලවී ඇති පොස්ටු කිහිපයක් පහත පළවේ.

 

Screen Shot 2020 03 09 at 9.35.17 PM

88307180 10217418795565835 8118707337381806080 n

 

89598015 140631170771591 7634376244917698560 o

 

88310978 146850520124834 8750887202927411200 n

89706551 1450046878509843 1716075748147593216 n

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්