ඉදිරි මහ මැතිවරණය සඳහා 'දුරකථනය' සලකුණ යටතේ ඉදිරිපත්වන බව 'සමගි ජන බලවේගය' විසින්

මැතිවරණ කොමිසමට ඊයේ (09) නිල වශයෙන් දැනුම් දී ඇත. ඒ,  'සමගි ජන බලවේගය' මැතිවරණයට ඉදිරිපත් වන්නේ කුමන ලකුණකින් දැයි සති ගණනාවක් පුරා පැවති වාද විවාද නිමා කරමිනි.

සමගි ජන බලවේගය' ලෙස මෑතකදී නම් කරන ලද 'අපේ ජාතික පෙරමුණේ' නිල සලකුණ වුයේ දුරකතනයයි.

හිටපු අමාත්‍ය මංගල සමරවීර හා හිටපු රාජ්‍ය අමාත්‍ය ශ්‍රීපති සුරියආරච්චි 2007 වර්ෂයේදී රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වී 'මහජන පාර්ශවය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භකළ අතර පසුව 'අපේ ජාතික පෙරමුණ' නමින් නිල දේශපාලන පක්ෂයක් පිහිටුවනු ලැබිය.

එහිදී එම පක්ෂයේ සලකුණ ලෙස 'දුරකථනය' යොදා ගැනීමට තීරණය වුයේ එම පක්ෂයේ නායක හා සභාපති මංගල සමරවීර විසින් මෙරට සන්නිවේදන ක්ෂේත්‍රය තුල සිදුකල කාර්ය භාරය සිහිපත් කරලීම සඳහාය.

මංගල සමරවීර එක්සත් ජාතික පක්ෂයට එක්වීමෙන් අනතුරුව 'අපේ ජාතික පෙරමුණ' සභාපතිත්වයට විශ්‍රාමික හමුදා නිලධාරී කපිතාන් සේනක ද සිල්වා පත්විය.

ඔහු විසින් පසුගිය ජනාධිපතිවරණ සමයේ එම පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ වෙත පවරනු ලැබූ නමුත් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීම නිසා එය බලාත්මක නොවිය.

AJP Ranil

කෙසේවුවද මෑතකදී 'අපේ ජාතික පෙරමුණ' සජිත් ප්‍රේමදාස නායකත්වයට පත් කරමින් 'සමගි ජන බලවේගය' ලෙස ප්‍රකාශයට පත්කල අතර මැතිවරණ කොමිසම විසින් එය නිල වශයෙන් බාරගනු ලැබිය.

 EC Letter

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්