හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන, පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයට ඉන්දියාව ඈඳාගනිමින් මතභේදාත්මක ප්රකාශයක් ලබාදී ඇතැයි සමගි ජන
බලවේග පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා පුවත්පත් වාර්තාවක් උපුටා දක්වමින් ඊයේ (31) අනාවරණ කළේය.
මන්ත්රීවරයා පෙන්වා දෙන්නේ හිටපු ජනපතිවරයාගේ මේ ප්රකාශයෙන් රාජ්යතාන්ත්රික අර්බුදයක් පවා නිර්මාණය වීමට ඉඩ ඇති බවය.
පාස්කු ප්රහාරය සිදුකළේ කවුරුන්දැයි තමා දන්නා බවට හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන සිදුකළ ප්රකාශයෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් පැය පහක ප්රකාශයක් සටහන් ගත්තේය.
ඒ පිළිබඳව 'සන්ඩේ ටයිම්ස්' ජාතික පුවත්පතක' පළවූ වාර්තාවක් උපුටා දක්වමින් පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මෙලෙස සිය ස්ථාවරය ප්රකාශ කළේය.
Easter Sunday attacks: Sirisena drags India into the scene