'පොහොට්ටු' පක්ෂයේ ප්‍රධානින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව මේවනවිට දැඩි ප්‍රහාරයක් එල්ලකරමින් සිටින අතර,

රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨයා වන අමාත්‍ය චමල් රාජපක්ෂ ද හම්බන්තොට පැවති රැස්වීමක දී ශ්‍රීලනිප නායකයකු වන අමාත්‍ය මහින්ද අමරවීර හැල්ලුවට ලක්කිරීම විශේෂ කාරණයකි.

එය විශේෂ කාරණයක් වන්නේ, 'පොහොට්ටු' පක්ෂයේ නායකයින්ගේ අනේකවිද කෙනෙහිලිකම් මැද පවා, ශ්‍රීලනිපය තුළ  'පොහොට්ටුව' වෙනුවෙන් පෙනිසිටින ප්‍රබලයින් අතර අමාත්‍ය අමරවීර ප්‍රමුඛයකු වීම නිසාය.

කෙසේවුවද, හම්බන්තොට පැවති ඉහත සඳහන් රැස්වීමේ දී මහ මැතිවරණයට හම්බන්තොටින් ඉදිරිපත් කරන 'පොහොට්ටු' පක්ෂයේ අපේක්ෂක ලැයිස්තුව ප්‍රකාශයට පත්කරමින්, අමාත්‍ය චමල් රාජපක්ෂ විසින් අමාත්‍ය මහින්ද අමරවීරව හඳුන්වා දුන්නේ 'හම්බන්තොට උකුස්සා' බව කියමින් ඔහුව හාස්‍යයට ලක්කරමිනි.

හම්බන්තොට දිස්ත්‍රීක්කයෙන් නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක, අජිත් රාජපක්ෂ, කපිල දිසානායක, ලයනල් සුබසිංහ, උපුල් ගලප්පත්ති සහ තමන් පොහොට්ටුවෙන් ඉල්ලන බවත් උකුස්සාගෙන් තරග වදින්නේ මහින්ද අමරවීර බවත් ඔහු එහිදී පැවසීය.

මේවර ඡන්ද ප්‍රකාශ කිරීමේ දී 'පොහොට්ටු' පක්ෂයේ අපේක්ෂකයන්ට ප්‍රමුඛතාවය ලබා දෙන්නැයි ද ඇමැති චමල් රාජපක්ෂ ඇමතිවරයා එහිදී ප්‍රසිද්ධියේම ඉල්ලා සිටියේය.

 

සබැඳි පුවත් :

ශ්‍රීලනිපය මහ මැතිවරණයට ඉදිරිපත් වන බව මැකොට දැනුම් දෙයි. 

ජනපති ගෝඨාභයට අතදෙන්න ශ්‍රීලනිපය මෙවර අතින් ! 

ශ්‍රීලනිපය වෙනම තරඟ කිරීමේ සුදානමක ! - පක්ෂ මධ්‍යම කාරක සභාව බදාදා කැඳවයි !! 

 මෛත්‍රීට නාමයෝජනා නෑ ! - ජාතික ලැයිස්තු යෝජනාව ප්‍රතික්ෂේප කරයි !! - බල්ලන් බැඳ තබන්නයි වීරකුමාර කියයි 

''ශ්‍රීලනිපයට ගැහිල්ලෙන් වෙන්නේ ජනපති තනිවෙන එකයි'' -දයාසිරි කියයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්