ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවෙකු අනතුරට පත්වීමේ සිදුවීම නවක වද සිද්ධියක් නොවන බව
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.
ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව පැවසීය.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ අදාළ සිදුවීම නවක වද සිදුවීමක් බවට මවා පාමින් රජය විශාල මර්ධනයකට උත්සාහ කරන බවයි.
සිසුන් 05ක් අත්අඩංගුවට :
පසිඳු හිරුෂාන් සිසුවා අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පස් දෙනෙකු මිරිහාන පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගැනුණි. පොලිසිය පවසන්නේ, ඒ අතර අනතුරට හේතු වූ බව කියන ටයරය එවූ සිසුවාද සිටින බවයි.
සැකකරුවන් අද(12) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අනතුරින් හිසට බරපතළ තුවාල ලැබූ පසිඳු තවමත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසරේ සිසුවකු වූ පසිඳු හිරුෂාන් සරසවි පරිශ්‍රයේදී අනතුරට ලක්වන්නේ පසුගිය මාර්තු 05 වැනිදාය.
හිසට සිදු වූ අභ්‍යන්තර තුවාල හේතුවෙන් ජීවිත අවදානමකට පත්ව සිටින පසිඳු තවමත් යන්ත්‍රයක ආධාරයෙන් ප්‍රතිකාර ලබමින් සිටියි.
මේ අතර පසිඳුගේ වැඩිමහල් සොහොයුරා වන ලක්ෂාන් සිල්වා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, සිය සොයුරාට මද සුවයක් ලැබී ඇති බව පෙනී යන බවයි.
නමුත් මේ වන විටත් සිහිය ලැබී නොමැති බවත් පැවසු ඔහු සහෝදරයා තවමත් යන්ත්‍රය ආධාරයෙන් ජීවිත් වන බවත් පැවසීය.
''ශිෂ්‍යයකු අනතුරට පත්වීම මර්දනය සඳහා පාවිච්චි කිරීම හෙළාදකිනවා''- මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු සාදයකදී අනතුරකට ලක්ව රෝහල් ගතකිරීමෙන් පසුව එය නවකවද සිදුවිමක් ලෙස මාධ්‍ය මඟින් ගෙනයන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයිය මහා ශිෂ්‍ය සංගමය විසින් හෙළා දකී.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයිය කළමනාකරණ පීඨයේ පළමුවසර සිසුන්ගේ සාදයකදී මෙම අනතුර සිදුව ඇති නමුත් කවුරුන් කාට එරෙහිව සිදුකළාද යන්න ගැන නිලවශයෙන් ප්‍රකාශ කළ නොහැකි නමුත් මෙය හදිසි අනතුරක් බව නිසැකවම පැවසිය හැකි බව එම ශිෂ්‍ය සංගම් නියෝජිතයා පැවසීය.
මෙම සිදුවීම පාලකයන්ගේ අරමුණුවලට යොදාගැනීම තරයේ හෙළා දකින බවත් මේ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට ශිෂ්‍යයන් විරෝධය පළකර නැති බවත් පවසයි.
එසේ වුවද ඇතැම් මාධ්‍ය විසින් ශිෂ්‍යයන් කෙරෙහි පොදු සමාජයේ විරෝධයක් ඇවීළවීමට එවැනි අදහස් ප්‍රචාරය කරමින් ශිෂ්‍ය මර්දනයට සහාය වෙමින් සිටින බව ශිෂ්‍ය සංගමය පවසයි.
''ඇතැම් මාධ්‍ය විසින් ශිෂ්‍යයන් කෙරෙහි
පොදු සමාජයේ විරෝධයක් ඇවීළවීමට
එවැනි අදහස් ප්‍රචාරය කරමින්
ශිෂ්‍ය මර්දනයට සහාය වෙමින් සිටින බව
ශිෂ්‍ය සංගමය පවසයි.''
මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයන් විසින් අවධාරනය කරන්නේ පාලකයන්ගේ ජනතා විරෝධී පියවර සම්බන්ධ පළමුවෙන්ම විරෝධය පළකරන ශිෂ්‍ය ප්‍රජාව මර්දනය කිරීමට රුහුනේ ශිෂ්‍යයකුගේ සිදුවීම මෙන්ම මෙම සිදුවීමද යොදාගන්නට ආණ්ඩුව උත්සාහ කරන බවයි.
එසේම එම ආණ්ඩුවේ මර්දනකාරී උත්සාහයට මාධ්‍ය ප්රචාරයන්ද යොදාගනිමින් සිටින බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයිය මහා ශිෂ්‍ය සංගමය පවසයි.
රැග්වලට වහන් වෙලා පෞද්ගලික ඇරියස් කවර් කරගත්ත එව්වො !
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවෙකු අනතුරට පත්වීමේ සිදුවීම සම්බන්ධයෙන් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල විවේචන ඉදිරිපත්ව තිබේ.
කෙසේවුවද සරසවි සිසුවකු විසින් පවත්වා ගෙන යන Em Diih LisHa FB පිටුවේ පලව ඇති සටහනක සඳහන් වන්නේ, ''අපි අයිතිත් උඹලා ඉන්න සමාජයටමයි. ඉතින් අපි විතරද වැරදි??'' කියාය.
එම සටහන පහත පළවේ.
''රැග් වලට වහන් වෙලා පෞද්ගලික ඇරියස් කවර් කරගත්ත එව්වොයි, දැලි පිහිය අතට ගත්ත වදුරෝ වගේ හැසිරිච්ච එව්වොයි හින්දා
කැම්පස් ළමයි සේරම කාලකන්නියෝ කියලා හංවඩු ගැහිලා.. ඇත්තටම අපි ඇතුළු (මාත් කැම්පස් හින්දා) කැම්පස් කාලකන්නි ආවේ කොයින්ද අගහරු වලින් ගොඩ බැස්සුවද?
අනේ මන්දා නැත්තම් කැම්පස් පොළවෙන්ම මතු වුනාද? මේ බි එහෙම වෙන්න ඇති... රැග් එකකින් ළමයෙක්ගේ ජීවිතේට බරපතල හානියක් වෙනවනම් ඒක රැග් එකක්ද අපරාදයක්ද? අපරාධයක්නම් එහෙව් අපරාධ කැම්පස් වල විතරක් වෙන ඒවද? වැරදි කරපු අයටද වැරද්ද වුන තැන ඉන්න හැමෝටමද දඩුවම් කරන්න ඕනි!! මන් කැමති නෑ කෙනෙක්ට මානසිකව හරි කායිකව හරි වද දෙන රැග් වලට 100%ක් විරුද්ධයි.!
''අපි කාලකන්නි කියලා කියන උඹලා ආයෙම උඹලා දිහාම බැලුවනම් කැම්පස් වල උඹලා ඊයා කියන සබ්කල්චර් එක හැදුනෙත් උඹලා ඉන්න මහ සංස්කෘතියෙන්මයි. අපි අයිතිත් උඹලා ඉන්න සමාජයටමයි. ඉතින් අපි විතරද වැරදි??''
දැලි පිහි අතට ගත්ත වදුරු වටේ එව්වොන්ගෙයි පෞද්ගලික ඇරියස් කවර් කරගන්න එව්වොන්ගෙනුයි (කැම්පස් නොවන) අපිට මේ වෙන්නෙත් රැග් එකක්මයි!! හරියට හොයල නොබලා ඉල්ලන හෙනත් රැග් එකක්මයි..
කැම්පස් ගිය හැම කෙල්ලම බඩුවක් ගෑනියක් හැම කොල්ලම මානසික අසහන කාරයෙක් පරපීඩණ උන්මාදයෙන් පිරුන එකෙක් කරලා කතා කරන උබලා කරන්නෙත් අපිව රැග් කිරිල්ලමයි...
දෙතුන් දෙනෙක්ගේ වැරදි හින්දා ඒවට පලි නැති අපිටත් කැම්පස් යනවයි කියන එක ලැජ්ජාවක් බවට පත් කිරිල්ලත් රැග් එකක්.
වැරැද්දක් වුනානම් වැරද්ද කරපු උංට දඩුවම් කරන එක මිස මේකද කරන්න ඕනි ඇයි වැරදි කරපු උං විතරක් හිරේ දාන්නේ උංගේ පවුලේ අයවත් දාන්න ඕනිනේ.
පාස්කු ප්‍රහාරයෙන් ප්ස්සේ මුස්ලිම් හැමෝවම මැරුවේ නැත්තේ ඇයි ? එ අවුල් වලදි අදාල අයට විතරක් දඩුවම් කරන්නේ!!
අපි කාලකන්නි කියලා කියන උඹලා ආයෙම උඹලා දිහාම බැලුවනම් කැම්පස් වල උඹලා ඊයා කියන සබ්කල්චර් එක හැදුනෙත් උඹලා ඉන්න මහ සංස්කෘතියෙන්මයි. අපි අයිතිත් උඹලා ඉන්න සමාජයටමයි. ඉතින් අපි විතරද වැරදි??''
''පුකේ මාද්යවේදියො කියන්නෙ උඹලට''
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති නීතිඥ උදුල් ප්‍රේමරත්න මෙසේ පවසයි.
මහින්දල ගෝටාල ඉස්සරහ බලු කුක්කො.කැම්පස් කොල්ලො ලග හෙන පොරවල්. -පුකේ මාද්යවේදියො කියන්නෙ උඹලට