කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති ලාංකිකයාගේ දරුවා කොළඹ ආනන්ද විදුහලේ 12 වසරේ අධ්යාපනයලබන බවට වාර්තාවීමත් සමග එම විදුහල තුල හා අවට මේවනවිට දැඩි නොසන්සුන්කාරී තත්වයක් මතුව තිබේ.
මෙම නොසන්සුන්කාරී තත්ත්වය මතුව ඇත්තේ, දෙමාපියන් සිය දරුවන් නැවත නිවෙස්වලට ගෙන යාම සඳහා පැමිණීම නිසාය.
කෙසේවුවද අප වෙත වාර්තා වන්නේ, එම දරුවා ඇතුළු එම පවුලේ සාමාජිකයින් නිවාස තුළම රඳවා නිරෝධායනය කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි.
එම දරුවට කොරෝනා වෛරසය ආසාදනයවී නොමැති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා මේවනවිට තහවුරුකර ඇත.
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති පුද්ගලයා කොළඹ මත්තේගොඩ පදිංචි සංචාරක මගපෙන්වන්නෙකි.
එම තත්ත්වය හේතුවෙන් වොක්සෝල් විදියේ පිහිටි එම ආයතනයේ 4 වැනි තට්ටුව මේවන විට සීල් තබා ඇති බව පැවසේ.
එහි සේවය කරනු ලබන පස්දෙනෙකු මේවන විට නිරෝධනය සඳහා IDH රෝහලට ඇතුළත් කර ඇති බවද පැවසේ.
''වෛරසය ආසාදනය වූ පුද්ගලයා නිවසට ගිහින් නැහැ''
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට IDH රෝහලේදී හඳුනාගෙන ඇති පුද්ගලයා, එම වෛරසය ආසාදනය වූ බවට සැක මතුවීමෙන් පසු සිය නිවස වෙත ගොස් නොමැති බව වාර්තාවේ.
ඉතාලි ජාතික සංචාරකයින් පිරිසක් සමග දිවයිනේ ප්‍රදේශය කිහිපයක සංචාර කර ඇති ඔහු පැවති අසනීප තත්ත්වය හේතුවෙන් සංචාරය නිමවූ වහාම නිවස වෙත නොගොස් ඔහුගේ පවුලේ වෛද්‍යවරයා හමුවී ඇත.
එහිදී අදාළ වෛද්‍යවරයා ලබාදුන් උපදෙස් අනුව ඔහු IDH උණ රෝහලට ඇතුලත්වී තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම් දීමක් !
පන්ති කාමරයෙන් එපිට සිදු කරන බාහිර ක්‍රියාකාරකම් සීමා කරන්නැයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද සඳහන් කළේ, ඒ සඳහා වන උපදෙස් පත්‍රිකාවක් සියලුම පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත යවා ඇති බවයි.
එම උපදෙස් පත්‍රිකාව පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් විසින් සියලුම විදුහල්පතිවරුන් වෙත ලබා දෙනු ඇත.
මේ අතර විදේශ රටවල සිට දිවයිනට පැමිණෙන ළමුන් හා දෙමාපියන් දින 14 ක කාලයක් නිරෝධයන ක්‍රියාවලියට යොමු කරන ලෙසට ද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී තිබේ.
ඒ පිළිබඳ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනය පහතින්