කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා පාසල් දරුවන්ට නිවාඩු ලබාදීම යහපත් පියවරක් වුවත්, කොරෝනා වෛරසය සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ග කුමක්දැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විමසා සිටියි.

එජාප නායකයා මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එම විමසීම සිදුකර ඇත.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

'' කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය මේවනවිට ගෝලීය වසංගත තත්වයක් (Pandemic) බවට පත්ව ඇතිබව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශයට පත්කර ඇත.

ඇමරිකාව, යුරෝපය, ආසියානු රටවල් ඊට මුහුණදීම සඳහා අනුගමනය කරන ක්‍රමවේදයන් මේවනවිට ප්‍රකාශයට පත්කර ඇත.

ලොව ඇතැම් දියුණු දියුණු රටවල් පවා මෙම වෛරසයට මුහුණදීම සඳහා තම සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශ කොට ඇත.

මෙම තත්වය මත කොරෝනා වෛරසයට මුහුණදීම සඳහා මෙරට රාජ්‍ය හා පෞද්ගලික සෞඛ්‍ය අංශ සමග සාකච්ජා කොට රජය විදිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතුය.''

WhatsApp Image 2020 03 12 at 9.34.30 PM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්