පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් ලබාගැනීමේ වුවමනාවක් හෝ එවන් හැකියාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට

නොමැති බව අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි අවධාරණය කරයි.

පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය මේ බව පැවසුවේ පෙරේදා (11) රත්නපුරයේ පැවති ජනහමුවක් අමතමිනි.

“තුනෙන් දෙකක් ගන්න අපට ඕනෙ නැහැ. තුනෙන් දෙකක් අපට ගන්න බැහැ ! යුද්දේ දිනපු වෙලාවෙ ගත්තාට තුනෙන් දෙකක් ගන්න බැරිවෙයි. අඩුම ගාණෙ රත්නපුර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරු 07 දෙනෙක්වත් පාර්ලිමේන්තුවට යවලා, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 113ක්වත් පාර්ලිමේන්තුවට යවන්ඩ ඕනෙ” යනුවෙනුයි ඇය එහිදී සඳහන් කළාය.

මහමැතිවරණය කැඳවීමට කලකට පෙර සිටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කරමින් සිටියේ තමන් අනිවාර්යයෙන්ම තුනෙන් දෙකක බලයක් ලබාගෙන 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර දමන බවකි.

 

ජනාධිපති ගෝඨාභය ශක්තිමත් කරන ආණ්ඩුවක් !

Nalindesilva text

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්කරලීම සඳහා සිංහල-බෞද්ධ ජනතාව අතර දැවැන්ත මතවාදීමය කාර්ය භාරයක් සිදු කළ මහාචාර්ය නලින් ද සිල්වා, ජාතික චින්තනය 'කාලය' FB පිටුවේ සටහනක් තබමින් පසුගියදා කියා සිටියේ,  ''අපට අද ඕන කරන්නෙ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට ශක්තිමත් ආණ්ඩුවක් හදල දෙන්න. මා හිතන්නෙ ඔහුටත් ඒක ඕන කියලා.'' කියාය.

''ශක්තිමත් ආණ්ඩුවක් වෙන්න ඉස්සෙල්ල ම මන්ත්‍රීවරුන් 113 දෙනකුවත් ඉන්න ඕන. සුළුතර ආණ්ඩු හදන්නත් පුළුවන්. ඒත් ඒවා අස්ථිරයි. කතානායකත් විරුද්ධ පක්‍ෂෙන් පත් වෙන්න ඉඩ තියෙනවා.'' යයි ද ඔහු සඳහන් කර තිබිණ.

එසේම, ඔහු පසුගියදා එම FB පිටුවේ මෙවැනි සටහනක් ද පළකර තිබිණ.

'එක් එක් දිස්ත්‍රික්කයේ මනාප ප්‍රශ්න නිසා ඇති වන තත්වය බොරදියේ මාළු බෑමට පොදු ජන පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනකු ක්‍රියා කරනවා. ශ්‍රී ල නි පක්‍ෂය පොදු ජන පෙරමුණ සමග එකතු වී මීළඟ මැතිවරණය තරග කළත් තුනෙන් දෙකක බහුතරයක් ලබා ගැනීම අසීරුයි. එය කළ හැකි වන්නේ ඉතා තදබල ජාතිකවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් පමණයි. එහෙත් පොදු ජන පෙරමුණට ජාතිකත්වයක් නැහැ.

 

''ගණුදෙනු දේශපාලනය වෙතට නැවත යෑමක්.''

අද පොදු ජන පෙරමුණේ ඇතැම් ප්‍රබලයන් ජාතිකත්ව ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නැහැ. ඔවුන්ට ඇත්තේ වෙන ම න්‍යාය පත්‍රයක්. ඒ න්‍යාය පත්‍රයේ ජාතිකත්වය යන්න ගෑවිලාවත් නැහැ. ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානය ලෙස තරග කර තුනෙන් දෙකක් ලබා ගැනීමට උත්සාහ කරන්නේත් නැහැ. ඔවුන්ට අවශ්‍ය ශ්‍රී ල නි පක්‍ෂය කෙසේ හෝ සජිත් වෙතට යවා තුනෙන් දෙක ලබා නොගැනීමට!

ඔවුන් ඉන්පසු එ ජා ප මන්ත්‍රීන් පිරිසක් හකීම් බද්‍යුද්දීන් ආදීන් සමග එක් වී තුනෙන් දෙක ලබා ගැනීමට උත්සාහ කරාවි. ඒ ගණුදෙනු දේශපාලනය වෙතට නැවත යෑමක්.''

සබැඳි පුවත් :

'මෛත්‍රී එලවන්න හදන්නේ ගෝඨාභය විරෝධියෙක්'' -නලින් සටනට එයි 

'පොහොට්ටු උද්ධච්ඡයන්ගෙන් ගෝඨාභය ආරක්‍ෂා කරමු' - මහාචාර්ය නලින් ද සිල්වා 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්