මේවනවිට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉතිහාසගත අයුරින් පහත වැටී ඇතත් එහි වාසිය ජනතාවට ලබාදීමට වත්මන් රජය කටයුතු නොකිරීමේ අතුරු ප්‍රතිපලයක් ලෙස මෙරට ඉන්දන බෙදාහැරීමේ දී සිටින ඉන්දීය ඛනිජ තෙල් (IOC) සමාගමට රුපියල් කෝටි මිලියන ගණනාවක අමතර ලාභයක් හිමිව ඇත.
වත්මන් ආණ්ඩුවේ අදුරදර්ශී ආර්ථික කළමනාකරණය හේතුවෙන් බිඳවැටී ඇති ආර්ථිකයට කිසියම් හෝ සහනයක් ලබා ගැනීම සඳහා රජය ඉන්දන මිල පහත නොදමා සිටිය ද එයින් ඉන්දීය IOC සමාගමට දැවැන්ත ප්‍රතිලාභයක් අත්වීම ආර්ථික ක්ෂේත්රයේ බලවත් සැකයකට බඳුන් ව ඇත.
ආණ්ඩුවේ කිසියම් පිරිසක් මහ මැතිවරණයේ ප්රචාරක කටයුතු වෙනුවෙන් එම සමාගමෙන් යම් 'කොමිස්' මුදලක් ලබාගනිමින් සිටින්නේ ද යන කාරණය ද මේවනවිට දේශපාලන ක්ෂේත්රයේ කතාබහට ලක්වෙමින් තිබේ.
සිංගප්පුරු වෙළඳ පොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 65 ක් ව තිබියදී 2019 සැප්තැම්බර් මස අවසන් වරට මිල සුත්‍රයට අනුව තෙල් මිල පහත පරිදි සංශෝධනය කරන ලදී.
ඒ අනුව, ඉන්දීය IOC සමාගම ද ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක් රුපියල් 137කට ද ඔටෝ ඩිසල් ලීටරයක් රුපියල් 104 කට ද අලෙවි කරනු ලැබුවේ උපරිම ලාභයක් ද තබා ගනිමිනි.
එහෙත්, අද වන විට ලෝක වෙලඳ පොලේ බොරතෙල් මිල 30 % ටත් වඩා අඩු ප්‍රමාණයකින් අඩු වී ඇත. 2019 සැප්තැම්බෙර් මස ඇ.ඩො. 65 සිට අද වන විට ඇ.ඩො 45 දක්වා බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල බෙහෙවින් අඩු වී ඇත.
ඒ අනුව, මෙම රජය ජනතාවට සහන දීම පිළිබඳව සැබෑ ලෙසම උනන්දුවක් දක්වන්නේ නම් 2019 සැප්තැම්බර් 10 ට සාපේක්ෂව 2020 මාර්තු වන විට පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රු 20 කින් අඩු කිරීමට අවස්තාව තිබෙන බව හිටපු මුදල් ඇමති මංගල සමරවීර පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
එහෙත් රජය මෙන්ම, IOC ඉන්දීය සමාගම ද එම වාසිය පාරිභෝගිකයින්ට ලබාදීමට මෙතෙක් කටයුතු කර නොමැත.
ඉන්ධන මිල අඩු කරන්නේ නැහැ - රජය දැඩි ස්ථාවරයක
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ
මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ, මෙම අවස්ථාවේ ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොකරන බවයි.
එහි සභාපති සුමිත් විජේසිංහ පැවසුවේ ලෝක වෙළද පොලේ තෙල් මිල අඩුවීමේ වාසිය ඍජුවම ජනතාවට ලැබෙන වැඩපිළිවෙලක් සකස් කිරීමෙන් පසුව මෙරට ඉන්ධන මිල අඩු කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇති බවයි.
ඉන්ධන මිල අඩුවීම හරහා ජනතාවට නිසි ලෙස සහන නොලැබෙන තත්ත්වයන් මතුවිය හැකි බවද ඔහු මෙහිදි ප්‍රකාශ කළේය.
හඬපටය
ලෝක වෙළද පොලේ බොරතෙල් මිල හේතුවෙන් ඉකුත් පෙබරවාරි මාසයේ මැද භාගයේ සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද ලාභයක් ලැබූ බව එහි සභාපති සුමිත් විජේසිංහ කියා සිටියේය.
මිල සූත්‍රය ක්‍රියාත්මක වූ 2018 වසරේ මැයි මස සිට දෙසැම්බර් දක්වා කාලය තුළ පමණක් රුපියල් මිලියන 81,000 ක පාඩුවක් සිදුවූ බවද මෙහිදී ප්‍රකාශ කළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ, ඉකුත් වසරේදී රුපියල් මිලියන 11,000 ක පාඩුවක් සිදුවූ බවද කියා සිටියේය.
ඔහු වැඩිදුරටත් මෙසේද පැවසිය.
හඬපටය
සබැඳි පුවත් :
''මිළ සුත්‍රය තිබුනා නම් අද ඩිසල් 74යි ; පෙට්‍රෙල් 107යි'' - ඉන්ධන මිල අඩුකරන හැටි මංගල කියයි (VIDEO)
''මිළ සුත්‍රය තිබුනා නම් ඉන්දන මිළ රු. 20/=කින් අඩුකර, බස් ගාස්තු පවා අඩු කරන්න තිබුණා'' -හිටපු මුදල් ඇමති මංගල කියයි
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් 30% කින් පහත වැටීලා !
''මිළ සුත්‍රය තිබුනා නම් ඉන්දන මිළ රු. 20/=කින් අඩු කරන්න තිබුණා'' -හිටපු මුදල් ඇමති මංගල