විදේශ සබඳතා අමාත්‍යාංශයේ නිලධාරිණියකගේ පවුලේ සාමාජිකයෙකුට මේ වනවිට COVID -19 රෝගය වැළඳී ඇති බව

තහවුරු වී ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

අදාළ වෛද්‍ය උපදෙස් මත මේ වන විට නිසි ක්‍රියා මාර්ග ගෙන ඇති අතර වයිරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම අවම කර ගැනීම සඳහා අමාත්‍යාංශය පියවර කිහිපයක් ගෙන ඇතැයිද විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය පැවසුවාය.

ඒ අනුව, අදාළ නිලධාරිනිය සිකුරාදා සිට ස්වයං නිරෝධායනය කර ඇතැයිද විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව කියා සිටියාය.

ආරම්භක පියවරක් ලෙස,  මේ සතියේ  මුල් දිනයකදී කොළඹ විදේශ සබඳතා අමාත්‍යාංශයේදී හා මීට සති 2 කට පෙර යුරෝපීය අගනුවරකදී අදාළ නිලධාරිනිය හා එක්ව රාජකාරී කටයුතු කරමින්  සම්බන්ධ වූ අමාත්‍යාංශය කාර්ය මණ්ඩලයට 'ස්වයං නිරෝධායනය' කිරීමට උපදෙස් දී ඇත.

එසේම අමාත්‍යාංශයේ අදාළ අංශ විෂබීජහරණය කිරීම සඳහා ද වැඩිදුර පියවර ගෙන තිබේ.

අමාත්‍යාංශය සිය කාර්ය මණ්ඩලයේ සහ එහි අමුත්තන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා  කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවද එම අමාත්‍යාංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් සදහන් කළාය.

 

''මට ඇති කොරෝනාවක් නැහැ'' - ඇමති දිනේෂ් කියයි

මේ අතර විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා.

එහිදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ "මට කිසිම කොරෝනාවක් නෑ. මම ජිනීවා ගිහිල්ලා ඇවිල්ලා දැන් දවස් 15ක් වෙනවා." යනුවෙනි.

 

සබැඳි පුවත් :

#fightcorona : සඳුදා රජයේ නිවාඩු දවසක් ලෙස ප්‍රකාශ කරයි ! - මහජනයා ගැවසෙන උත්සව තහනම් ! සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන උපදෙස් නිවැරදි ද? 

සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන උපදෙස් නිවැරදි ද? 

'නිරෝධායනය ගැන මේ ටිකත් දැනගන්න

#fightcorona : ''ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ, කොරෝනා පාලනය කිරීමට එක්සත්ව සටන් කරමු'' - මංගල (වීඩියෝ) 

 කටකතාවලට රැවටෙන්න එපා ! 

කොරෝනාවෛරසයෙන් ආරක්ෂා වන්නේ කෙසේද ? 

Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්

ඇඳිරි නීතිය ඉවත් කළ පසු...