පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී විපක්ෂය නියෝජනය කරමින් විශාල මතවාදීමය කාර්ය භාරයක් ඉටුකල මහාචාර්ය චරිත හේරත්ට

නාමයෝජනා ලබාදීමට 'පොහොට්ටු' පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රීක් නායකත්වය දැඩි ලෙස විරෝධය පළකර තිබීම සම්බන්ධයෙන් 'පොහොට්ටුවේ' සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් බලවත් විරෝධයක් මතු කරමින් සිටිති.

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ මොහොතේම එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) සභාපති ලෙස ඔහුගේ නම නිර්දේශ වී තිබුන ද ඔහු එම තනතුර බාර නොගැනීමට තීරණය කර තිබුනේ, මීළඟ මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා නාමයෝජනා බලාපොරොත්තු වන්නේ නම්, රාජ්‍ය ආයතනවල තනතුරු සඳහා ඉදිරිපත් නොවන්නැයි ගෝඨාබය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූ අවස්ථාවේදී  තමාට ආධාර උපකාර කළ විද්වතුන්ට කළ දැනුම් දීමකට අනුවය.

 

කුරුණෑගල ජ්‍යෙෂ්ඨයින්ට තර්ජනයක් විය හැකි චරිතය ක් !

ඒ අනුව ආණ්ඩුවේ තනතුරු හා වරප්‍රසාද ලබා නොගෙන ඔහු පසුගිය මාස තුනෙහි සිය ගම් ප්‍රදේශය වන කුරුණෑගල දිස්ත්‍රීක්කයේ සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු ක්‍රියාත්මක කර තිබු අතර එහිදී එම දිස්ත්‍රීක්කයේ තරුණ තරුණියන් විශාල වශයෙන් ආකර්ෂණය කර ගැනීමට ඔහු සමත්ව තිබිණ.

එම තත්වය තුළ ඔහු කුරුණෑගල දිස්ත්‍රීක් 'පොහොට්ටුවේ' ලයිස්තුවේ තුන්වැනි තැනට පත්වනු ඇතැයි එම පක්ෂයේ ම  අභ්‍යන්තර සමීක්ෂණ වලින් තහවුරු කර තිබිණ.

මෙවැනි තත්වයක් තුළ 'පොහොට්ටු' පක්ෂයේ ප්‍රධානියකුගේ හිතවතකු චරිත හේරත් මහාචාර්ය වරයාගේ අධාරකරුවකුට පසුගියදා මාරාන්තික පහරදීමක් ද සිදුකර තිබිණ.

මහාචාර්ය චරිත හේරත්ට මෙතෙක් නාමයෝජනා නොදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන් හි පළවී ඇති පොස්ටු කිහිපයක් පහත පළවේ.

 

පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ දේශප්‍රේමීන් විතරයි - සරත් වීරසේකර

මේ අතර 'පොහොට්ටු' පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රීක්කයට තරඟ කරන රියද් අද්මිරාල් සරත් වීරසේකර පවසන්නේ, පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ උගතුන් වියතුන් නොව දේශප්‍රේමීන් බවයි.

ඔහු එබව පවසා ඇත්තේ,  සතිඅන්ත ජාතික පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනි.

එහිදී මාධ්‍යවේදීයාගේ අසන ප්‍රශ්නකට පිළිතුරු ලෙස ඔහු මෙසේ සදහන් කර ඇත.

” මගේ මතය නම් පාර්ලිමේන්තුවේ උගතුන් වියතුන් පමණක් නොව ඊටත් එහා ගිය දේශප්‍රේමීයෝ සිටිය යුතුයි යන්නයි. රටේ සම්පත් කොල්ල කන්නේ නැති දේශප්‍රේමියෝයි පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ.

ජයම්පති වික්‍රමරත්න උගත්, බුද්ධිමත් පරිණත නැද්ද? සුමන්තිරන් කියන්නේ උගත් බුද්ධිමත් පරිනත දේශපාලනඥයෙක්. නමුත් වැඩක් තියෙනවද? මේ අය තමයි රට දෙකඩ කරන්න යෝජනා ගේන්නේ. ඒ නිසා උගත්, බුද්ධිමත් පරිණත වගේම දේශයට ආදරය කරන දේශප්‍රේමී නායකයෝ පාර්ලිමේන්තුවට තෝරාගන්න අප දැනගත යුතුයි”

සබැදි පුවත් :

නාලක හැර ගෝඨාභයගේ 'වියතුන්' අනාතයි! - චරිත හේරත්ටත් කැපෙන ලකුණු! 

චරිත හේරත්ගේ ආධාරකරුවෙකුට මැර ප්‍රහාරයක් ! 

චරිත හේරත් ලේක්හවුසිය බාර නොගෙන කුරුණෑගලින් මහ ඡන්දයට!  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්