''මැතිවරණයක් පවත්වා අලුත් ස්ථාවර රජයක් ස්ථාපිත කොට නව අයවැයක් සම්මත කොට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ

මා ඔබට පොරොන්දු වූ පරිදි, සහන ලබා දීම රැකියා ලබාදීම කෘෂිකර්මය නගා සිටවීම ඇතුළු සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කල යුතුයි. ඒ සඳහා පරිණත දේශපාලනඥයෙක් වූ, ජනතා ජනාදරයට පත්වූ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ නායකත්වයෙන් ප්‍රබල රජයක් බිහිකිරීමට මා වටා එක්වන ලෙස මා ඉල්ලා සිටිනවා'' යයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (17) රාත්‍රී ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා එබව කියා සිටියේ,  කොරෝන වෛරසයෙන් රට තුළ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (17) රාත්‍රී  ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

 

''පරිප්පු සැමන් ලාබෙට දෙනවා''

''සෑම වෙළෙඳසැළකම අද රාත්‍රියේ සිට පිරිප්පු කිලෝවක් රුපියල් 65ක උපරිම සිල්ලර මිලකට විකිණීමට මා නියෝග කොට තිබෙනවා. එමෙන්ම සැමන් ටින් එකක් රුපියල් 100 කට ලබා දීමටත් කටයුතු කරනවා. තවත් සහන ඉදිරියේ දී ලබා දීමට ක්‍රියා කරනවා.'' යයි ද හෙතෙම ජනතාව සහතික විය.

රටේ ව්‍යාපාර කටයුතුවලට විශාල බරක් වී ඇති බැංකු, මූල්‍ය ආයතන විසින් දී ඇති ණය අයකිරීම් මාස 06කට නතර කිරීමට තමන් විසින් නියෝග කරනු ලබන බවද ජනාධිපති ගෝඨාභය රාපක්ෂ එහිදී කියා සිටියේය.

එසේම බැංකු විසින් සපයන කාරක ප්‍රාග්ධනය සියයට 4 ක පොළියකට ලබා දීමට කටයුතු කරනු ලබන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

“ජනතාවගේ එදිනෙදා ජීවිතය පහසු කිරීම සඳහා ඔවුන්ගේ පරිභෝජන තත්ත්වය තහවුරු කිරීමට මා අදහස් කරනවා. සහල් සැපයුම දැනටමත් ස්ථාවර කොට තිබෙනවා. රටේ ජන ජීවිතයට බාධා නොවන පරිදි අවශ්‍ය රාජ්‍ය සේවාවන්, බැංකු, මූල්‍ය, වෙළෙඳ කටයුතු, ප්‍රවාහන කටයුතු අවම පිරිස් යොදා කිරීමට සැලසුම් කොට තිබෙනවා.'' යයි ද මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.

 

රජය අකර්මන්‍ය වීමට ඉඩ තියන්නේ නැහැ ...

මොන යම් හෝ හේතුවක් මත රජය අකර්මන්‍ය වීමට ඉඩ නොතබන බවත් දුරදිග නොබලා කටයුතු නොකළ හොත් ජන ජීවිතය සම්පූර්ණයෙන් අඩාල විය හැකි බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

කොරෝනා වෛරසය පැතිරයාමට ඇති ඉඩකඩ අවම කිරීම සඳහා කළ යුතු දේ පිළිබඳව දැනටමත් හඳුනා ගෙන ඇති බවත් ඒ සඳහා අවශ්‍ය බලතල කාර්ය සාධක බලකායට පවරා ඇති බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

මීට පෙර  අප අභියෝගවලට මුහුණදී ජයගෙන ඇති බව සිහිපත් කළ ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ මේ මොහොතේ එකමුතුව වගකීමෙන් කටයුතු කරන ලෙසයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්