theleaderlk 01

වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත්

කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පැවසීය.

'' මීට පෙර මුහුද යටින් අදින රැහැන් සඳහා නීති පැවතුනේ නැහැ. ඒ සඳහා නීති ඉදිරිපත් කිරීමට මේ වන විට හැකියාව ලැබී තිබෙනවා. ''

''ඒ වගේම දැනට පවතින නීතිය යටතේ විදුලි සංඥා කුලුණු ඉදිකිරීම කරනු ලබනුයේ දුරකතන සේවා සපයන්නා සහ තාක්ෂණ අමාත්‍යාංශය විසින් විදුලි සංදේශන නියාමන කොමිසම හරහා විදුලි සංඥා කුළුණු ඉදිකිරීමේ පිලිවෙතයි. මේ නීතිය නිසා රට පුරාම 4G ව්‍යාප්ත කිරීම මන්දගාමී වී තිබෙනවා. මේ අනුව යමින් විදුලි සංඥා කුලුණු ඉදිකිරීම සහ ඒවා නඩත්තු කිරීම ඉදිකිරීම් සමාගම්වලට පැවරීමට හැකි අයුරින් මෙම නීතිය ගෙන ඒමට නියමිතයි. ''

''යුරෝපය ඇතුලු බොහෝ දියුණු රටවල් අනුගමනය කරන ක්‍රියාවලිය වන්නේත් එය බව රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

pe2024 2

worky sin

නවතම පුවත්