ප්‍රවීණ ආර්ථික විශ්ලේෂකයකු වන නීතිවේදී ආචාර්ය අජිත් සෙනෙවිරත්න සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩපයේ සභාපති ධුරයට පත්කොට තිබේ.

සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විසින් ඊට අදාල පත්වීමේ ලිපිය ඔහුට ලබාදී ඇත.

ආර්ථික විද්‍යාව සහ ගණකාධිකරණය පිළිබඳව දැනුම බෙදා දීම සඳහා පුළුල් මෙහෙවරක් ඉටුකරන කථිකාචාර්යවරයකු වන නීතිවේදී අජිත් සෙනෙවිරත්න, කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ආසනයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායකවරයා ද වේ.

වත්මන් ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාවලිය පිළිබඳව පුළුල් ලෙස ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ සම්මන්ත්‍රණ සමුළු වැඩමුළු සංවිධානය කරන බුද්ධිමත් මණ්ඩපවල ප්‍රධානියකු ලෙස කටයුතු කළ අජිත් සෙනෙවිරත්නට නව පත්වීම් ලිපිය ප්‍රදානය කිරීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු විද්වත්හු කිහිපදෙනකුද සහභාගි වී සිටියහ.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්