රටේ පවතින කොරෝනා වෛරස රෝගය පැතිරයෑමේ වාතාවරණය මත පාර්ලිමේන්තු මහ මැතිවරණය සති කිහිපයකින් කල් දැමීම කෙරෙහි මැතිවරණ කොමිසමේ අවධානය යොමුවී ඇතත්, ඡන්දය විමසීමේ දිනය (අප්‍රේල් 25) කුමන හේතුවක් නිසා හෝ කල් නොදමන ලෙස ආණ්ඩුවේ ඇතැම් පාර්ශව විසින් මැතිවරණ කොමිසමට බලපෑම් කරමින් සිටින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් theleader.lk වෙත වාර්තාවේ.

එසේ බලපෑම් එල්ල වී ඇත්තේ, අද (19) දිනයේ මැතිවරණය සඳහා වන නාමයෝජනා ලබා දීමෙන් පසුව මැතිවරණය පැවැත්වීමේ දිනය කල් දමන ලෙස ආණ්ඩුවේ පාර්ශවකරුවන් නොවන සියලුම දේශපාලන පක්ෂ මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින මොහොතකය.

නාමයෝජනා භාර ගැනීමෙන් පසු මැතිවරණය පැවැත්වීම හෝ කල් දැමීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ බලය මැතිවරණ කොමිසන් සභාවට ලැබෙන නිසා පවතින තත්ත්වය මත බොහෝ දුරට මැතිවරණය කල් දමනු ඇතැයි එක්සත් ජාතික පක්‍ෂය, සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවලදී සඳහන් කරන ලදී.


ආණ්ඩුව බයවෙලා ඇයි ?

රටත් ජනතාවත් කොරෝනා වෛරස් අනතුරින් තැති ගෙන සිටියදී ආණ්ඩුව මහ මැතිවරණය කෙසේහෝ පැවැත්වීමට මෙතරම් උනන්දුවක් දක්වන්නේ ඇයි ද කියන කාරණය සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක්ව ඇත. 

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය පාලනය කිරීමේ පියවරක් ලෙස මහ මැතිවරණය මාස කිහිපයකට හෝ කල්දැමීමට මැතිවරණ කොමිසම විසින් පියවර ගතහොත් එය ආණ්ඩුවට බරපතල ලෙස අවාසි සහගතවිය හැකි බවට ජනමත සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී තිබීම ඊට මුලික හේතුව බව පැවසේ.

පෞද්ගලික ආයතනයක් හරහා ආණ්ඩුව විසින් මෙම ජනමත සමීක්ෂණය සිදුකර ඇති අතර ඊට සෑම දිස්ත්‍රීක්කයකින්ම පාහේ පුද්ගලයින් 200කට ආසන්න පිරිසකගේ අදහස් විමසීමක් සිදුකර ඇතැයි ද ඉහත ආරංචිමාර්ග සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුව බලයට පත්ව මාස තුනකට වැඩි කාලයක් ගතව ඇතත් ජනතාව බලාපොරොත්තුවූ පැහැදිලි වෙනසක් ක්‍රියාත්මක නොවීම තුල 'පොහොට්ටුවට' ඡන්දය දුන් බොහෝ පිරිසක් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කෙරෙහි  බලවත්සේ කලකිරීමට පත්ව සිටින බවත්, ආර්ථික දුෂ්කරතා හා ආණ්ඩුවේ ඇතැම් ප්‍රධානීන්ගේ ක්‍රියාකලාප නිසා ආණ්ඩුවේ ජනප්‍රියතාවය දිනෙන් දින බිඳවැටෙමින් තිබෙන බවත් එම සමීක්ෂණ වාර්තාවෙන් අවධාරණය කර ඇතැයි ද පැවසේ.

වත්මන් 'කොරෝනා' තර්ජනය මැඩපැවැත්වීමට ආණ්ඩුව අපොහොසත්ව ඇතැයි සමීක්ෂණයට එක්ව ඇති බහුතරයකගේ අදහස වී ඇතැයි ද වාර්තාවේ.

මෙසේ දවසින් දවස ආණ්ඩුවේ ජනප්‍රියතාවය අඩුවෙමින් පවතින තත්වය තුල මහ මැතිවරණය කල් දැමීම කටයුතු නොකරන්නැයි එම සමීක්ෂණ වාර්තාව මගින් අවධාරණය කර ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ජනාධිපතිගේ 'පරිප්පු -සැමන්' කතාවත් පොරෝට්ටුවට' අවාසි වෙලා !

Gotabaya Rajapaksa 1                                                                             ජනපති ජාතිය අමතන අවස්ථාව..

මේ අතර කොරෝන වෛරසයෙන් රට තුළ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පෙරේදා (17) රාත්‍රී  ජාතිය අමතා සිදුකල 'පරිප්පු - සැමන්' විශේෂ ප්‍රකාශය ද සමාජ මාධ්‍ය ඔස්සේ දැඩිලෙස හාස්‍යයට ලක්වීම 'පොහොට්ටු' පක්ෂයේ නායකයින්ගේ අවධානයට යොමුව ඇතැයි පැවසේ. 

ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය හා ඔහුගේ ප්‍රතිරූපය මහ මැතිවරණයට යොදා ගැනීමට බලාපොරෝත්තුව සිටියද ජාතිය අමතා සිදුකළ එම ප්‍රකාශයෙන් පසු එම අදහස අතහැර දැමීමට සිදුව ඇති බවත්, මෙවැනි ප්‍රකාශ හරහා ඉදිරියේදී සිදුවිය හැකි හානිය බරපතල බැවින් යොදාගත් පරිදි මහ මැතිවරණය ඉක්මනින්ම පැවැත්වීම අනිවාර්යය වී ඇතිබවත් 'පොහොට්ටු' පක්ෂයේ ක්‍රියාකාරිකයකු කියා සිටියේය.

මැතිවරණ කොමිසමට බලය තියනවා :

කෙසේවුවද ඡන්ද විමසීම ලබන අප්‍රේල් මස 25 වැනිදා සිදුකිරීමට ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති නමුත්, නාමයෝජනා පත්‍ර භාර ගැනීම අවසන් වීමෙන් පසුව ඡන්ද විමසීම කල් දැමීමට මැතිවරණ කොමිසමට බලය හිමිවෙයි.

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ගනු ලබන ක්‍රියාමාර්ග නිසා මැතිවරණය පැවැත්වීමේ ක්‍රියාවලියට දැඩි බලපෑම් එල්ලවී ඇති අතර ඉදිරියේදී උදාවිය හැකි තත්ත්වය නිසා මැතිවරණ රාජකාරි කටයුතු අවිනිශ්චිත බවද වාර්තා වෙයි.

රාජ්‍ය ආයතන, පාසල් වසා දැමීම නිසා තැපැල් ඡන්ද අයදුම් කිරීමට නොහැකි වී ඇති අතර, මැතිවරණ රාජකාරි භාර රජයේ මුද්‍රණාලය, තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක් වසාදැමීම නිසා අදාළ සියලූ කටයුතු ද මේ වනවිට ඇනහිට ඇත.

රටේ තත්ත්වය යථා තත්ත්වයට පත්වීමෙන් පසුව මැතිවරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක විය යුතු අතර ඒ අනුව ඡන්ද විමසීම පැවැත්වීමට කෙටිකලක් යනු ඇතැයි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නිලධාරියකු පැවසිය.


''මහ ඡන්දය කල් දාන්න පුළුවන්'' - මැතිවරණ කොමිසමේ සභාපති කියයි

Mahinda Deshapriya 0                      ''පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දිනය කල් දැමීමේ හැකියාවක් තියනවා'' - මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය

කොවිඩ් 19 වෛරසය පැතිරයාම දේශීය වශයෙන් වසංගත තත්වයක් දක්වා වර්ධනය වුවහොත්, පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දිනය කල් දැමීමේ හැකියාවක් ඇතැයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ඔහු එබව පවසා ඇත්තේ, මැතිවරණය කල් දැමීම පිළිබඳව සලකා බලනවා දැයි 'අනිද්දා' පුවත්පත කළ විමසීමකදීය.

පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 වගන්තියේ 3 වන උප වගන්තිය යටතේ, ජනාධිපතිවරයා මහ මැතිවරණයට දින නියම කිරීමෙන් පසුව හදිසි තත්වයක් යටතේ මැතිවරණ දිනය කල් දැමීමේ හැකියාවක් මැතිවරණ කොමිසන් සභාවට ඇති බව පවසන මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා, කෙසේවුවද කොමිසමට කල් දැමීමේ හැකියාව ඇත්තේ මැතිවරණ දිනය බවත්, නාමයෝජනා බාර ගන්නා අවසන් දිනය කල් දැමීමේ හැකියාවක් නොමැත බවත් කියා සිටියි.

''ඡන්දය මරුවා කැඳවයි'' - මංගල 

කොරෝනා වෛරසය පැතිරයාම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අග්නිදිග ආසියාවේ රටවලට දැඩි අනතුරු ඇඟවීමක් පවා සිදුකර තිබිය දී ශ්‍රී ලංකාවේ මහ මැතිවරණයක් පැවැත්වීම ජනතාවට මරු කැඳවීමක් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

ඔහු එම කාරණය අවධාරණය කර ඇත්තේ, ඊයේ (18) රාත්‍රී සමාජ මාධ්‍ය වෙත 'සෙල්ෆි වීඩියෝවක්' මුදා හරිමිනි.


වීඩියෝ 

00000


සබැඳි පුවත් :

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාව අයත් කලාපයට අනතුරු ඇගවීමක්: 

#fightcorona : ඡන්දයකට වඩා පුරවැසි ජිවිත සුරැකීම මැතිවරණ කොමිසමේ වගකීමක් - මංගලගෙන් තවත් වීඩියෝවක් !  

''දිසාපති කාර්යාල ඇරලා...ඇයි දන්නවද ? මිනිසුන්ට වඩා ඡන්දේ ලොකු වෙලා !''අනුරගේ විග්‍රහය මෙන්න !!  

#fightcorona : වසංගත තත්වයක් තුල මැතිවරණ එපා ! - පෙරටුගාමියෝ කියයි 

ඡන්දය කල් දැම්මොත් ආණ්ඩුවට අවාසියි - ආණ්ඩුවේ සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වේ 

''පාර්ලිමේන්තු මැතිවරණය කල්දමා, වහාම පාර්ලිමේන්තුව කැඳවන්න'' - හෙළ බොදු සවිය, ජනපතිට කියයි 

''මහ ඡන්දය කල් දාන්න පුළුවන්'' - මැතිවරණ කොමිසමේ සභාපති කියයි 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්