theleaderlk 01

පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ මතයට අවනතව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක්

පැවැත්වීමේ සුදානමක සිටිනේදැයි විපක්ෂයේ දේශපාලනඥයින් අතර බරපතල සැකයක් මතුව ඇත. 

ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතුන් පිරිසක් මේවනවිට තම තමුන්ගේ පෞද්ගලික ප්‍රතිරූපය ඉස්මතුකරලීමේ ප්‍රචාරක මෙහෙයුම් ආරම්භකර තිබීම එම සැකයට පාදකවී ඇත.

'' බැසිල් රාජපක්ෂලා පහුගිය සතියේ එයාලගේ මැතිවරණ කැම්පේන් පටන්ගත්ත. රුවන් විජේවර්ධන, අඛිල විරාජ් කාරියවසම්, රවී කරුණානායක, සාගල රත්නායක දැන් සති කීපයක ඉඳල එයාලගේ ප්‍රතිරුප හදාගන්න කැම්පේන් පටන් අරන්. අද ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය වෙනුවෙන් සාගල ලොකු කැම්පේන් එකක් කරලා. ඒ කියන්නේ ජනාධිපතිවරනෙට ඉස්සෙල්ල මහ ඡන්දයක් තියන්න වගේ යන්නේ..'' - සජබ මන්ත්‍රීවරයෙක් 'ද ලීඩර්' වෙත අද පැවසිය. 

දේශපාලනඥයින් කිහිපදෙනෙකුම ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ සටහන් පළකර ඇති අතර සාගල රත්නායක විසින් පළකර ඇති '' මව යළි කියවමු.. ඇය නිසි අගයමු ''නිර්මාණය ඒ අතරින් වඩාත් කතාබහට ලක්ව ඇත. 

PHOTO 2024 05 12 16 43 45
''මෙලොව එළිය දකින්නට පෙර සිටම අපි මව සමඟ ගැඹුරු බැඳීමකට මුළ පුරයි. 

එම සොඳුරු පළමු බැඳීම කිසිදා නිමා නොවී අපගේ දිවි ඇති තුරා පවතී.

මෙලොව කිසිඳු කෘතියකට වුවද මෙම මව පූර්ණ ව ග්‍රහණය කිරීමට නම් නොහැකි වෙයි. 

නමුදු පර්ල් එස්. බක් විසින් රචිත The Mother, අපට මව දකින්නට, එහි ගැඹුර විදින්නට දුලබ අවස්ථාවක් විවර කරයි. 

මවකගේ ආදරය හා මුසු වූ අරුම කැපවීම පරම අදිටන එය අපේ නෙත් අභියස දිග හරියි. 

ක්‍රමයෙන් වැඩෙමින් කාලය හා තරඟ වදිමින් අප වීමට උත්සාහ කරද්දී මව අපට නොදැනීම මඟහැරෙයි. 

මෙම කෘතිය අපට මඟහැරුණු ඒ සොඳුරු මව් ලොවට අප රැගෙන යයි. 

The Mother  කෘතිය තුළින් ඇයව නැවත කියවමු.

අපි මව යලි කියවමු.
ඇය නිසි ලෙස අගයමු.
ප්‍රීතිමත් මව්වරුන්ගේ දිනයක් උදාවේවා !




pe2024 2

worky sin

නවතම පුවත්