ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ විධායක සභා රැස්වීමක් අද (12) පෙරවරුවේ පිටකෝට්ටේ පෞද්ගලික හෝටලයකදී පැවති අතර එහිදී එම පක්ෂයේ නව සභාපති ලෙස ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ අද (12) නිතරගයෙන් පත්විය.
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ සභාපති ධූරයට විජයදාස රාජපක්ෂ තෝරා ගනු ලැබීය.
පක්ෂයේ වැඩ බලන මහ ලේකම්වරයා ලෙස නීතිඥ කීර්ති උඩවත්ත තේරීපත්විය.
එහෙම කරන්න බෑ - දුමින්ද කියයි
මේ අතර, ශ්‍රීලනිප විධායක සභාව ලෙසින් අද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවැත්වූ රැස්වීම කැදවිමට කිසිදු බලයක් ඔහුට නොමැතිබව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාර්ශවය නියෝජනය කරන නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානයක පවසයි.
ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු ලෙස කටයුතු කරන සරත් ඒකනායකට ලිපියක් යොමුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානයක පෙන්වා දි ඇත්තේ එවැනි රැස්විම් පැවැත්වීම අධිකරණ වාරණ නියෝග කඩකිරීමක් බවය.