රාජ්‍ය බලය හා සම්පත් භාවිත කරමින් සංවර්ධන ව්‍යාපෘති නාමයෙන් සිදුකරනු ලබන දේශපාලන ප්‍රවර්ධන වැඩසටහන් වළකා සමාන ඉඩ ප්‍රස්ථා

යටතේ මැතිවරණ සඳහා තරග වැදීමට අවකාශය සලසන ලෙසට පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසම වෙත ලිපියක් යවමින් ඉල්ලා තිබේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වනු ලබන දිනය, දින නියමයක් නොමැතිව කල් ගියද එකී ඡන්ද විමසීම අවලංගු කොට නොමැති තත්ත්වයක් තුළ පූර්ව මැතිවරණ නීති බලාත්මක වන බැවින් එවැනි වාතාවරණයක් තුළ දේශපාලන අධිකාරිය විසින් සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් ප්‍රවර්ධනයක් සිදුවන බව බැලූ බැල්මට පෙනෙන්නට ඇති බවද එම ලිපියේ සඳහන්ය.

මේ සම්බන්ධයෙන් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ, පළාත් පාලන බල ප්‍රදේශ සඳහා ප්‍රාදේශික උපදේශක කමිටු පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති චක්‍රලේඛය යටතේ මේ වන විට ආණ්ඩුව ක්‍රියාත්මක කරන සහල් බෙදා දීම, නිවාස ලබා දීම, කඳුරට සංවර්ධන සැලැස්ම, ඔප්පු ලබා දීම වැනි මැතිවරණ ඉලක්ක කරගත් දේශපාලන ව්‍යාපෘති සඳහා ප්‍රාදේශීය දේශපාලනඥයන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරන බවක් පෙනී යන බවයි.

ප්‍රාදේශික උපදේශක කමිටු සඳහා පත්කිරීමේ ක්‍රමවේදයක් එම චක්‍රලේඛයේ සඳහන් නොවන අතර ඒ අනුව තමන්ගේ අභිමතය පරිදි පුද්ගලයන් පත්කර ගැනීමට හැකි වේ.

මෙම පත්කිරීම් අග්‍රාමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ආණ්ඩුකාරවරයා විසින් සිදුකරනු ලබයි.  

අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුකාරවරයා යනු ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන පාර්ශ්ව දෙකක් වන අතර ඇතැම් ආණ්ඩුකාරවරුන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට සිටින පිරිසක් බවත් රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේය.


(deshaya.lk - ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්