සෙසු පක්ෂවල අය මුදලට විකිණුනනත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු මුදලට විකිණෙන්නේ නැති බව මෙන්ම වරදාන වරප්‍රසාදවලට වහල් වී

කෝටි ගණන් අරමුදල් බාර නොගෙන දූෂිත දේශපාලනය පරාජය කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරයි.

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 183 වැනි අදියර යටතේ ඊයේ මොනරාගල මඩුල්ල ගල්ගමුව ද්විතීයක පාසලට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඒ බව පවසා සිටියේය.

බංකොලොත් රටේ මුදලට වරදාන වරප්‍රසාදවලට බලය තිබෙන පැත්තට මාරු වීම් බලාගත හැකි බව කී හෙතෙම, සමගි ජන බලවේගය මුදලට දේශපාලනය නොකර මුදල් උපයෝගී කරගෙන සෞඛය හා අධ්‍යාපනය ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි පෙන්වා දෙන්නේ.

රටේ ක්ෂේත්‍ර රැසක සංවර්ධන කටයුතු සිදු කිරීමට නියමිතව තිබියදී කයිය නායකයෝ තමන්ගේ පක්ෂයට ලැබෙන මුදල් සමාජ මාධ්‍ය හරහා අපහාස මඩ ප්‍රචාර දියත් කිරීමට යොදවන බව ද විපක්ෂ නායකවරයා කියා සිටියේය.

එවැනි දේශපාලන සූදුවල වහල්ලු නොවන ලෙසත් එකවරක් වහලුන් ලෙස ඇන්දුනු නිසා රටම බංකොලොත් වූ බවයි සජබ නායකයා පවසන්නේ.

පාලකයෝ රට සංවර්ධනය කරනවා වෙනුවට මන්ත්‍රීවරුන්ට බාර් පර්මිට් ලබා දීම ඡන්දය ළඟ නිසා මුදල් ලබා දී මන්ත්‍රීවරුන් බා ගැනිමට කටයුතු කිරීම සිදු කරණ බවත් මන්ත්‍රීවරුන්ට මුදල් ලැබෙන කොට ජනතාවට ලැබෙන්නේ අභාග්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් අවධාරණය කළේය.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්