වත්මන් ආණ්ඩුව ඩොලර් ආදායම වැඩි කර ගැනීමට කටයුතු නොකළාට වෙනත් රාජ්‍යයන්වල අල්ලේ නැටවෙන රූකඩයක් බවට

පත්ව ඇතැයි එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා පවසයි.

අනිකුත් රටවල නියෝජතියන්ට මෙරටට පැමිණිමට ඉඩ නොදෙන තානාපතිවරයෙක් සිටින බව පුවත්පත් වාර්තා කර ඇතැයි කී මන්ත්‍රීවරයා, එම තානාපති කවුදැයි පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේය.

“වර්තමාන ආණ්ඩුව ඩොලර් ආදායම් වැඩි කරන්න කිසි දෙයක් නොකළට ඒ වෙනුවට වෙන වෙන රාජ්‍යවල අල්ලේ නැටවෙන රූකඩයක් බවට පත්වෙලා තියෙනවා. ගිය අඟහරුවාදා එක්තරා පුවත්පතක දාලා තියෙනවා එක රටක තානාපති කෙනෙක් කියනවා අනිත් රටවල් වලට එන්න දෙන්නැහැලු . කවුද මේ ගොල්ලෝ?”

“අපි නොබැදි ප්‍රතිපත්තිය අනුගමනය කරන රටක් විදිහට අපිට ඇමරිකාව වුණත් චීනය වුණත් එංගලන්තය වුණත් ඉන්දියාව වුණත් අපිට එකයි. එක එක රටවල් වල තානාපතිවරු අල්ලේ නටවන තැනට පත් කරන්න බැහැ.” යැයි මරික්කාර් මන්ත්‍රීවරයා පැවසීය.

මහින්ද කියන දේ අහන්න

රාජ්‍ය සම්පත් විකිණිම ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා සිය අදහස් පළ කළේය.
 
“මං අවුරුදු දහයක් ජනාධිපති වෙලා හිටියත් එක රාජ්‍ය ආයතනයක්වත් විකුණන්නේ නැහැ. ඒ නිසා මේ ජනාධිපතිවරණය කිට්ටු කරලා රාජ්‍ය ආයතන විකිණීම වහාම නවත්වන්න කියලා එතුමා කියන්නේ. අපි කිව්වොත් නේ වැරදි. ඔබතුමන්ලාගේ සදාදරණීය නායකයා තමයි කියන්නේ. නැවත වතාවක් දිනන්න තියෙන්නෙත් එතුමගේ නායකත්වයෙන් ගියොත් තමයි. එතුමා තමයි කියන්නේ රාජසම්පත් විකුණන්න එපා කියලා.”

හිටපු ජනාධිපතිවරයා කියන දේට ඇහුම්කන් දෙන්නැයි එස්. එම් මරික්කාර් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

(චතුරංග මේදිස්)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්