theleaderlk 01

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිද්‍රාශීලි ක්‍රියාමාර්ගවල ආශිර්වාදයෙන් පවත්වා ගෙන ගිය ඔන්මැක්ස් පිරමීඩ ජාවාරමේ වින්දිතයන් බවට පත්ව සිටින ලක්ෂ

හතර හමාරක් පමණ වූ විශාල පිරිස වෙනුවෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඊයේ (13) පාර්ලිමේන්තුවේදී බලධාරීන්ගේ අවධානය යොමු කරනු ලැබීය.

පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, මෙම පිරමීඩ ජාවාරමෙන් මහජනතාවගේ ධනය රුපියල් කෝටි 4,500ක් පමණ කොල්ල කා ඇති බවයි.

එමෙන් ම, අධිකරණය මගින් මේ වනවිටත් අදාළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට ලබා දී තිබෙන නියෝග නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යාන්ත්‍රණයක් ගොඩනැගීම සඳහා රජයෙන් බලපෑම් කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

මෙයට පෙර මුල්‍ය සමාගම් විසින් සිදු කරන ලද මෙවැනිම ජාවාරම් සම්බන්ධයෙන් අධිකරණය ලබා දුන් නියෝග නිසි ආකාරව ක්‍රියාත්මක නොකළ බව ද මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙනු ලැබීය.

(lankatruth.com)

pe2024 2

worky sin

නවතම පුවත්