2024 මැතිවරණ වසරේ බාර් ලයිසන් සූදුවක් ක්‍රියාත්මක වන බව පවසන විපක්ෂ නායකවරයා, මන්ත්‍රීවරුන් බාගෙන ඔවුන්ට වරදාන වරප්‍රසාද
ලෙස බාර් පර්මිට්, බියර් පර්මිට් ලබා දී ජනාධිපති අගමැති ඇමතිකම් ලබා ගැනීමට කටයුතු කරන බවට චෝදනා කරයි.
බංකොලොත් රටේ බියර් පර්මිට් වයින් ස්ටෝර්ස් බලපත්‍ර ලබා දීම තරයේ ප්‍රතික්ෂේප කරන බවත් සමගි ජන බලවේග රජයක් තුළ ඒවා අහෝසි කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවදාරණය කරයි.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ මව්වරුන්ගේ දිනය නිමිත්තෙන් ගම්පහ මීගමුව මහා රෝහලේ නොමේරූ ළදරු ඒකකයට රුපියල් 2,478,000 වටිනා Bubble CPAP Machine එකක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
සමගි ජන බලවේගයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ අමද්‍යප ගුණාංග උගන්වන බවත් දුම්වැටි මත්පැන් භාවිත නොකළ යුත්තේ ඇයි කියන දේ ශක්තිමත්ව උගන්වන බව ද හෙතෙම කියා සිටියේය.
එය රෝහල් තුළ පවා මේ මත්පැන් මත්කුඩු දුම්වැටි නිසා සිදුවන හානිය පිංතුර මගින් පෙන්වා දැනුවත් කළ යුතු බවටයි විපක්ෂ නායකවරයා යෝජනා කරන්නේ.
තමාගේ කණ්ඩායමේ ආණ්ඩුවේ වරදාන වරප්‍රසාදවලට පක්ෂය හෝ තම ප්‍රතිපත්ති හෝ පවා දෙන පිරිස් නොමැති බවත් මේ සූදුව ගැන ජනතාව දැනුවත් විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේය.
(චතුරංග මේදිස්)