පලස්තින ජනතාවට දශක ගණනවක් සිදුවු අසාධාරණය වෙනුවෙන් ජාති ආගම් භේදයකින් තොරව පලස්තීන ජනතාව සමග සිටගන්නා බව මෙරට විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.


පලස්තිනියට එරෙහි ප්‍රහාර හා සංහාර වහා නතර කරන ලෙස ඊශ්‍රායල් රජයට චෝදනා මුඛයෙන් අභියෝග කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පලස්තීනුවන් වෙනුවෙන් සහාය පළ කරමින් ඊයේ (13) කොළඹදි පැවැති විරෝධතාවයටකට එක්වෙමින් පැවසීය.

මිනිමරු ආණ්ඩුවක් ලෙස ඊශ්‍රායල් රජය පලස්තීන ජනතාවගේ ජන ජීවිත සහමුලින්ම විනාශ කර ඔවුන්ගේ ජන්ම භූමිය විනාශ කර රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරමින් පලස්තීන ජනතාව වෙනුවෙන් සිදු කරන ප්‍රහාරය හෙලා දකිනා බව පැවසු විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ එයට විරුද්ධව ලෝකයා ඉදිරියේ සිට ගන්නා බවයි.

වහාම සටන් විරාමයට ගොස් කුසගින්නේ බඩගින්නෙන් සිටින පලස්තීන ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කළ යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

පිට පිටම ඊශ්‍රායල් රජය සාකච්ඡා බැහැර කර පලස්තීනුවන්ගෙ නිජබිම විනාශ කරන රාජ්‍ය ත්‍රස්තවාදය හෙලා දකින බව මෙන්ම මිනිමරු ත්‍රස්තවාදයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායල් අගමැතිවරයාට කියා සිටින බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේ.

(චතුරංග මේදිස්)

plst 2plst 4



 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්