මත්පැන් බලපත්‍ර ගත්ත මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අද

(14) රජයෙන් ඉල්ලීමක් කළේය

විපක්ෂනායකවරයා මෙසේ ඉල්ලා සිටියේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙසේද පැවසීය.

''මත්පැන් බලපත්‍ර ලබා ගත්තයි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් චෝදනාවක් එල්ල වෙනවා. මේ වගේ වැරදි ක්‍රියාවල නිරත නොවන බහුතරයක් මන්ත්‍රීවරුන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕන. මත්පැන් බලපත්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් අල්ලසක් වශයෙන් ලබාදෙනවා. අතරමැදි ජාවාරම්කරුවන්ට මුදල් උපයාගත හැකි විදියට මත්පැන් බලපත්‍ර ලබාදීම සිදුවෙනවා. ඒක ප්‍රසිද්ධ කරුණක්. මත්පැන් විකිණුම් ස්ථාන විධිමත් ආකාරයට නොපිහිටුවීම සම්බන්ධයෙන් මහජන කැළඹීම් පසුගිය කාලයේදී ඇතිවුණා. ආගමික ස්ථාන අවට මත්පැන් ස්ථාන පිහිටුවීම අද ජමරෙට ක්‍රියාත්මක වෙනවා. ඒක අද දේශපාලන සූදුවක් බවට පත්වෙලා. අපිට ඒ ගැන කරුණු පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි.

 
සජබ මන්ත්‍රීවරුන්ට දණ්ඩනය පැනවීමට ගියහොත් සජිත්ට මොනවා වෙයිද ?

මත්පැන් බලපත්‍ර අයදුම්කර ඇති මන්ත්‍රීවරුන්ට දණ්ඩනය පැනවීමට ගියහොත් විපක්ෂ නායකවරයාට මන්ත්‍රීවරුවන් කී දෙනෙකු ඉතිරි වේදැයි කිව නොහැකි බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේය.

මිතුරන්ට හෝ හිතවතුන්ට මත්පැන් බලපත්‍ර ලබාදීමේ කිසිදු වැඩපිළිවෙළක් සකසා නොමැති බවත්, විපක්ෂ නායකවරයා පවසන අන්දමට මත්පැන් බලපත්‍ර අයදුම් කර ඇති මන්ත්‍රීවරුන්ට දණ්ඩනය පැනවීමට ගියහොත් විපක්ෂ නායකවරයාට මන්ත්‍රීවරුන් කී දෙනෙකු ඉතිරි වන්නේදැයි කිව නොහැකි බවත්  රංජිත් සියඹලාපිටිය කීය.

විපක්ෂ නායකවරයා නගන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් සියඹලාපිටිය මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය.


අවසන් වරට මීට වසර 16 කට පෙර එනම් 2008 වසරේදී වාර්තා වූ ජනගහනයට සරිලන ආකාරයෙන් මත්පැන් බලපත්‍ර නිකුත් කර තිබුණ ද ඉන් වසර 16 කට පසු ජනගහනයට සරිලන ආකාරයට ඒවා ගණනය කළ යුතු බවත්, එසේම නීති විරෝධි මත්පැන් අඩාල කිරීමේ අරමුණෙන් මෙම නව ගණනය කිරීම්වලට අනුව මත්පැන් බලපත්‍ර ලබාදීම සිදු කරන බවත් ඔහු පැහැදිලි කළේය.


කෙසේ වෙතත් නීත්‍යානුකූල මත්පැන් භාවිතය වැඩි කිරීමට ද රජය කිසි විටෙකත් කටයුතු නොකරන බව සඳහන් කළ අමාත්‍යවරයා බදු වැඩි කිරීම හා නව බලපත්‍ර ගාස්තු පැනවීම ආදිය මගින්  මත්පැන් මිල ඉහළ නැංවීම හරහා එය පාලනය කරන බවත් , රජයට අවශ්‍ය නීතිවිරෝදී මත්පැන් ව්‍යාප්තිය පාලනය කරමින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම පමණක් බවත් පැවසීය.

විපක්ෂ නායකවරයා ඉල්ලා ඇති පරිදි මත්පැන් බලපත්‍ර අයදුම්කර ඇති සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල පිළිබඳ වාර්තාව කඩිනමින් සකසා මීළඟ පාර්ලිමේන්තු වාරයේදී ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

සබැඳි පුවත් :
බාර් ලයිසන් දී ඇමැතිවරු බා ගන්න වැඩක්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්