දැඩි ආන්දෝලනයට තුඩුදී ඇති VFS වීසා ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ (14) දිනයේදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන

විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මුදල් කාරක සභාවට පැමිණෙන ලෙස කළ දැනුම්දීමට කලින් එකඟවී පසුව එම නිළධාරීන් එය මගහැරීම පිළිබඳව අතිශයින් කණගාටුවට පත්වන බවත් එය වරප්‍රසාද කඩවීමක් බවත් එයට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ඊයේ (14) පස්වරුවේදී පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

ඔහු සඳහන් කළේ මෙම නිලධාරීන් එක් වතාවක් මුදල් කාරක සභාව හමුවේ පෙනී සිටි බවත් එහිදී මෙම වීසා ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට අද (14) දිනයේදී පැමිණෙන බව කලින් දැනුම් දී තිබුණු බවයි.

නමුත්, 2016 දී තම කාර්යාලය වෙනස් කිරීමේදී ලිපි ගොනු කිහිපයක් නැතිවී ඇතැයි පවසමින් මෙම සාකච්ඡාවට පැමිණීමට නොහැකියැයි හදිසියේම පෙරේදා  (13) රාත්‍රියේ දැනුම් දී තිබුණු බවත් එය කිසිසේත්ම පිළිගත නොහැකි බවත් මුදල් කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී පැවසීය.

ඔහු අවධාරණය කළේ මුදල් කාරක සභාවේ සාමාජිකයින් සමග සාකච්ඡා කර මෙම නිළධාරීන්ට එරෙහිව ඉදිරියේදී දැඩි පියවර ගන්නා බවයි. එසේම, නිළධාරීන්ට මේ ආකාරයෙන් මුදල් කාරක සභාව මගහැර සිටීමට කිසිදු හැකියාවක් නොමැති බව හෙතෙම කීය.





මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, මෙම කාරණයට අදාලව පසුගිය වකවානුවේ දී ගෙන ඇති තීන්දු තීරණ පිළිබඳව කරුණු සොයා බලා ඒ සම්බන්ධයෙන් ද වාර්තා කිරීමට වෙනත් දිනයක් ලබාදෙන ලෙස මුදල් කාරක සභාවේ ලේකම්වරියගෙන් පෙරේදා (13) ලිඛිත ඉල්ලීමක් සිදුකරනු ලැබූ බවයි.

හැකි ඉක්මනින් දිනයක් ලබාදෙන ලෙස ඊයේ (14) දිනයේද ඉල්ලීමක් කල බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසිය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image