ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ පත්කිරීම අභියෝගයට ලක් කරමින් එහි වැඩබලන මහ ලේකම් දුමින්ද

දිසානායක විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළ වාරණ නියෝගය පිළිබඳව කරුණු සලකා බැලීමට කොළඹ දිසා අධිකරණය අද (15) අවසර ලබා දුන්නේය.

මෙම පත්වීමට අදාළව කඩුවෙල දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇති නිසා පැමිණිලිකරු ඉල්ලා සිටින වාරණ නියෝගය නිකුත් කළ නොහැකි බවට විජයදාස රාජපක්ෂ ගේ නීතිඥවරු ඊයේ (14) දින විරෝධතා මතු කර තිබිණි.

ඒ අනුව දුමින්ද දිසානායක ඉල්ලා සිටින වාරණ නියෝගය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීමට ඔහුගේ නීතිඥවරුන්ට අවසර ලබා දෙන බව නියෝගයේ සඳහන් වුණි.

එම වාරණ නියෝගය පිළිබඳව වැඩිදුරටත් අද දහවල් කරුණු දැක්වීමට නියමිතය.

(adaderana.lk)

සබැඳි පුවත් :

විජයදාසට බාධා නොකරන්නැයි නියෝගයක් ! - මෛත්‍රී ඉල්ලා අස්වූයේ ඇයි? ඉදිරියට කුමක් වෙයි ද?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්