පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ප්‍රචාරය පිටුපස මහා ජාවාරමක් තිබෙනබව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.


ජනාධිපතිවරයා එබව කියා සිටියේ, තෙල්දෙනිය අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (15) සහභාගී වෙමිනි.

පාර්ලිමේන්තුව විසිරුවා හරින බව ප්‍රචාරය කිරීමත් සමඟම පසු දිනම කොළඹ කොටස් වෙළඳපොලේ කොටස් මිල සීග්‍රයෙන් පහත බසින බවත්, එසේ පහත වැටෙන කොටස් මිල දී ගන්නා අය ඉන් පසුව පාර්ලිමේන්තු මැතිවරණය කලින් නොපැවැත්වෙන බව තහවුරු වීමත් සමඟ අදාළ ජාවාරම්කරුවන් ඔවුන් අඩු මිලට මිලදී ගත් කොටස් වැඩි මිලට විකුණා ලොකු ලාභයක් උපයා ගන්නා බවයි.

ඔහුගේ මෙම ප්‍රකාශයෙන් තහවුරු වන්නේ මේ වනවිට රටේ දේශපාලන අස්ථාවරත්වයක් සහ ආර්ථික ජාවාරම අතර සහසම්බන්ධතාවයක් පවතින බවත් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ජාවාරම්කරුවන් පිළිබඳව ඔහු හොඳින් දන්නා බවත් ය.


'ජනපතිගෙන් මෙතෙක් නිෂ්චිත පිළිතුරක් නැහැ'- පොදුජන පෙරමුණ

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසන්නේ, ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පවත්වන්නැයි කළ ඉල්ලීමට ජනාධිපතිවරයා මෙතෙක් නිෂ්චිත පිළිතුරක් ලබා නොදුන් බවයි.

එම පෙරමුණ සඳහන් කළේ, පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පෙරේදා දිනයේ ද ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.

මේ වනවිට දෙපාර්ශ්වය අතර පවතින ගැටලු සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ හා ජනාධිපතිවරයා අතර පවත්වා ඇති සාකච්ඡා වට ගණන 7 කි.

පෙරේදා පැවති සාකච්ඡාවේදී රටේ සංවර්ධන ක්‍රියාදාමය සම්බන්ධයෙන් සිය පක්ෂයේ ස්ථාවරය ද ජනාධිපතිවරයා වෙත දැනුම් දුන් බව පොදුජන පෙරමුණ සඳහන් කළේ ය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ලබන 26 වැනි දා ආරම්භ වේ.

ඒ, අනුරාධපුර කලාවැව මැතිවරණ කොට්ඨාසයෙනි.

එතැන් සිට ආසන මට්ටමින් මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළ ආරම්භ කරන බව ද පොදුජන පෙරමුණ සඳහන් කළේ ය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image