කොවිඩ් නයින්ටීන් ආසාදනයවිමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 10000 ඉක්මවා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුද්ගලයින් 10041 දෙනෙකු මේ වන විට මියගොස් ඇති බවයි.

මේ වන විට ලොව පුරා පුද්ගලයින් 2,44,950 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති අතර පුද්ගලයින් 87,408 දෙනෙකු සුව වී තිබේ.

නව කොරෝනා වෛරසයෙන් ලොව වැඩිම පිරිසක් ජිවිතක්ෂයට පත්වූ රට බවට ඉතාලිය පත්ව ඇත. ඒ මෙම වෛරසය ව්‍යාප්තවීම ආරම්භ වූ චීනය පසු කරමින් වීම විශේෂත්වයකි.

ගතවූ පැය 24 තුලදී ඉතාලියේ පුද්ගල මරණ 475 ක් වාර්තා විය. ඒ සමගම එරට මිය ගොස් ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 3,405ක් බව සඳහන්වේ.

චිනයෙන් මේ වන විට වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 3,249ක් බවට වාර්තා වේ.

මේ වන විට ඉතාලියේ කොරෝනා වෛරසය වැළඳී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 41,035 ක් වේ.


WhatsApp Image 2020 03 20 at 7.40.08 AM
මේ අතර චීනයේ රතු කුරුස වෛද්‍ය බලකාය සහන සේවා සැපයීම සඳහා ඉතාලියට පැමිණ ඇත. එම කණ්ඩායමේ බලධාරින් සඳහන් කර ඇත්තේ ඉතාලි බලධාරින් කොරෝනා වෛරසය පාලනය කිරිමට ප්‍රමාණවත් තරම් පියවර ගෙන නොමැති බවයි.

කොරෝනා වෛරසය පාලනය කිරිමට ඉතාලි රජය, රට‍ වසා දැමු බවට කියා සිටියත් එය සිදුකර ඇත්තේ ප්‍රමාදවී බවත් නිරෝධායන කටයුතුද ක්‍රමවත්ව සිදුකර නොමැති බවත් චීන රතු කුරුස සංවිධානය පවසයි.

දෛනිකව ඉහළ යන රෝගීන් සහ වාර්තා වන මරණ හේතුවෙන් ඉතාලියේ සමස්ත වෛද්‍ය අංශයම දැඩි පීඩාවකට ලක්ව තිබේ.


''ඉතාලිය හැමදේම වරද්දාගෙන- කොරෝනා මර්ධනය ගැන චීනයේ විශේෂඥයින් දෝෂාරෝපණය කරයි''

විදෙස් මාධ්‍ය සඳහන් කලේ ඉතාලියේ වෛද්‍ය කේෂ්ත්‍රය මේ වන විට දැඩි මානසික පිඩනයකට ලක්ව සිටින බවයි.

මේ අතර කොරෝනා වෛරසය සඳහා සිදුකරන වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යයේ එරට සෞඛ්‍ය කේෂත්‍රයට සම්බන්ධ නිලධාරින් 2,629 කට කොරෝනා වෛරසය වැලදී තිබෙන අතර ඉන් පුද්ගලයින් 13 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇත. එලෙස ජිවිතක්ෂයට පත්වූ පිරිසෙන් 05 දෙනෙක් වෛද්‍යවරුන්ය.


සෑම මිනිත්තු 10කට වරක් ඉරානයෙත් මරණයක් !

ඉරානයේද වෛරසය හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩිවී ඇති අතර සෑම මිනිත්තු 10කට වරක් ඉරානයෙන් එක් මරණයක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.


''ලංකාවේ තත්වයත් භායනකයි.. ඉතාලියේ ආරම්භයට වඩා දරුණුයි.. අලුත් අවුරුද්ද මලගමක් නොකර LockDown කරන්න''- රජයේ වෛද්‍යවරුන් දැඩිව කියති.


අලුත් අවුරුද්ද මලගමක් කරන්න එපා ! - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි 


පුත්තලම දිස්ත්‍රික්කය ඇතුළු තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයකට පනවන ලද ඇඳිරි නීතිය ඊයේ (19) පෙරවරුවේ ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති මොහොතක මෙහි වගකීම භාර ගන්නේ කවුදැයි සංගමයේ ලේකම් හරිත අලුත්ගේ විමසා සිටියි.

මෙය වසංගත රෝග මර්ධනයේ විද්‍යානුකුල ක්‍රමවේදය නොවන බවත් ඒ සදහා උපදෙස් දුන් සෞඛ්‍ය බලධාරීන් කවුරුන්දැයි ඔහු ප්‍රශ්ණ කලේය.

යම් හෙයකින් එසේ ඇදිරි නීතිය ඉවත් කරන්නේ නම් එම ප්‍රදේශය LockDown කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

මේ වන විට ජනතාව අතර කොරෝනා වෛරසය ව්‍යාප්තිය ආරම්භ වී ඇති බවත් ඉදිරි සති දෙක තුනක කාලයේදී කුමක් වේදැයි කිව නොහැකි බවත් ඔහු පැවසීය.

මෙම රෝගය වැලදෙන්නන්ගෙන් 4%ක් මිය යන බවත් අද අප ගන්නා තීරණය මත අලුත් අවුරුද්ද මළගමක් වන්නේද නොවන්නේද යන්න තීරණයක වනු ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කලේය.

ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තියේ මුල් සතිය ඉතාලියේ මුල් සතියටද වඩා දරුණු බවද වෛද්‍ය සංගමය එහිදී පෙන්වා දුන්හ.

වීඩියෝ 
 

 

සබැඳි පුවත් :

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් බරපතල ප්‍රකාශයක් : හෙට සිට 27 වනදා දක්වා නිවසේ සිට රාජකාරී කරන්න

නව කෙරෝනා වෛරසයට පැය ගණනාවක් වාතයේ ද දින ගණනාවක් පෘෂ්ඨය ද පැවතිය හැකියි!

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාව අයත් කලාපයට අනතුරු ඇගවීමක්: 

#fightcorona : ඡන්දයකට වඩා පුරවැසි ජිවිත සුරැකීම මැතිවරණ කොමිසමේ වගකීමක් - මංගලගෙන් තවත් වීඩියෝවක් !  

''දිසාපති කාර්යාල ඇරලා...ඇයි දන්නවද ? මිනිසුන්ට වඩා ඡන්දේ ලොකු වෙලා !''අනුරගේ විග්‍රහය මෙන්න !!  

#fightcorona : වසංගත තත්වයක් තුල මැතිවරණ එපා ! - පෙරටුගාමියෝ කියයි 

ඡන්දය කල් දැම්මොත් ආණ්ඩුවට අවාසියි - ආණ්ඩුවේ සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වේ 

''පාර්ලිමේන්තු මැතිවරණය කල්දමා, වහාම පාර්ලිමේන්තුව කැඳවන්න'' - හෙළ බොදු සවිය, ජනපතිට කියයි 

''මහ ඡන්දය කල් දාන්න පුළුවන්'' - මැතිවරණ කොමිසමේ සභාපති කියයි 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්